(නිමල කොඩිතුවක්කු)

ජල සම්පාදන මණ්ඩලය සතුව පවතින සීමා සහිත ජලධාරිතාව සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරිම අද (2) සිට ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රී අටේ සිට කාණ්ඩ වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බවත් ඔහු පැවසීය.

උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බැවින් ජලය සීමා කිරීමට සිදුවන බවත් සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.