
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවට ගෙවිය යුතු ණය මුදලක්ද "හැකර්වරුන්" අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු හෙළිවී යැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.
ගිණුම් අංක වෙනස් වන බව දැනගත් පළමු මොහොතේම මහා භාණ්ඩාගාරය අදාල අංශවලට පැමිණිලි කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් එ් උත්සාහය වළක්වා ගත් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එ් ගැන පරීක්ෂණ කරද්දී ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 25ක මුදලක් එ් වනවිටත් හැකරුන් අතට ගොස් ඇතැයි තොරතුරු අනාවරණයවූ බවද ප්‍රකාශ කළේය.
මේ අනුව එ් පිළිබඳව කරන ලද පැමිණිල්ලකින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අාරම්භ කර අැති බවත් මහා භාණ්ඩාගාරයද කමිටුවක් මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඔහු පැවසුවේය.
එම කමිටුව දෙන නිර්දේශ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් නිලධාරීන් අතින් යම් ගැටළුවක් සිදුවී ඇත්නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අනිල් ජයන්ත මහතා පැවසීය
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය සහ මහා භාණ්ඩාගාරය අතර තොරතුරු හුවමාරු කරගන්නේ අන්තර්ජාලය හරහා බවත් හැකරුන් පිරිසක් මේ ඊමේල් පණිවිඩ හැක්කර එම වංචාව කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාද මේ පරීක්ෂණ හැකි ඉක්මනින් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස්දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැකරෙක් ගැන කියන කතා පච වෙන්න ඕනෑ. මොකද ඔය ගෙවීම පියවර ගණනාවකින් අනුමත වෙන්න ඕනෑ. ඒ හැම පියවරකදීම නිරවද්‍ය භාවය පරීක්ෂා කරනවා. ඉතින් කොහොමද හැකරෙක් ඕක උස්සන්නේ? අර අස්සන් කරලා අනුමත කරන ඔක්කෝම නොදැන හැකරෙක් කොහොමද සල්ලි තමන්ගේ අංකයකට ගන්නේ? මට හිතෙන්නේ නම් මේක රජයේ ඉහළපෙළේ බලවතුන් සම්බන්ධ වංචාවක් දැන් හැකරෙක් පිට දමලා මාරු වෙන්න හදනවා කියලයි...