
(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ ප්‍රදේශයේ පැවැති රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසකගේ කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින් කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ හිමිකරුට එරෙහිව හෝමගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදෙස් තහනම් නියෝගයක් ලබා ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
ඒ අනුව අදාල කැබ් රථයේ හිමිකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසියේ උසස් නිළදාරියෙක් පැවසීය.
අදාල අනතුරින් තුවාල ලබා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර සිටි කුඩා දරුවකු ඇතුලු තුවාලකරුවන් හත් දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව හෝමගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රියාශා විජේනායක මහත්මිය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබ් රථ හිමිකරුගේ පවුලේ අයව රොටී දන්සලක පෝලිමේ සිටවා තබනු!
ඔය රට යන්න තහනම් නියෝග,අරවා මේවා ඕන නැහැ . ඔය මිනීමරුවා හම්බවෙන පළමු අවස්තාවෙම ඕකව මහපාරේදීම සම්බෝල හදලා බල්ලන්ට කන්න දාන්න.
රට යාම විතරක් නෙවෙයි, ඔහුගේ ලයිසන් එක අවලංගු කරලා රිය පැදවීමත් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. ඒ වගේම ඉදිරියේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධ දඬුවමක් ලෙස අවුරුදු 5ක් වාහන ධාවනය තහනම් කිරීමත්, සෑම ඉරිදාවකම අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කිරීමත් වැනි ක්‍රියාමාර්ග සලකා බැලිය හැකි වන පරිදි නීතිය සංශෝධනය කළ යුතුයි.