කෙහෙළියට සිතාසි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කළ බවට පවරා ඇති නඩුව සඳහා ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ 07 July 2025
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග නියෝග කළාය. 07 July 2025
විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශීගේ දුව අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. 07 July 2025
ඇමැති පිරිස වෑකන්ද දමා වාරිමාර්ගය ඉබි යතුරු දමලා අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්වූහ. 06 July 2025
කොස්ගමදී ත්‍රිරෝද රියකට වෙඩි තබයි,තිදෙනෙක් රෝහලට මවක දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි. 06 July 2025
ජ‘පුර රෝහලේ වෛද්‍යවරිගේ දි්‍යණිය තගක් දාලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. 05 July 2025
හිටපු ඇමැති එස්.එම්. 18 තෙක් රිමාන්ඩ් දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියම කළාය. 04 July 2025
එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 04 July 2025
කහවත්ත උණුසුම් පොලිසිය හා ගම්වාසීන් ගැටේ කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත සුරන්ජන තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 July 2025
මර්වින්ට ඇප ලැබේ කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමක් වංචනිකව විකිණුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙන රුපියල් ලක්ෂ 250ක ශරිර ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේකෝන් මහතා නියම කළේය. 03 July 2025
දේශපාලන ප්‍රබලයෝ 2ක් අද - හෙටම අත්අඩංගුවට දේශපාලන ක්ෂෙත්රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා වැලක් රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය 01 July 2025
මෝටර් රථ හිටපු කොමසාරිස් රිමාන්ඩ් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනා ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ බන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහතාමිය අද නියෝග කළාය. 01 July 2025
හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 01 July 2025
ට්‍රම්ප්ගේ තීරණයෙන් 2030දී කෝටි 14කට මරණය? ඇමෙරිකාව විදේශයන්ට ලබාදෙන මානුෂීය ආධාර සහාය බොහොමයක් කපා හැරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය, 2030 වසර වන විට ලෝකයේ අමතර ලක්ෂ 140 ක ජනතාවකට මරු කැඳවනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 01 July 2025
ඩීසල් - පෙට්‍රල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 June 2025
මිල හංගා ගෙනා වාහන 300ක් ආපසු යවයි නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ වාහන 300ක් පමණ එම වාහන ගෙන්වා ඇති රටවල්වලට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 30 June 2025
වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය. 29 June 2025
යාපනයේ ජනපති මැදුරට අටක් අයිතිය කියති යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී ඇත. 28 June 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය. 27 June 2025
රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද(27) පැවසීය. 27 June 2025
බාල බෙහෙත් සිද්ධියට කෙහෙළියට චෝදනා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුව 26 June 2025
බස් ගාස්තු අඩු වෙයි: සංගම්වලින් දැඩි විරෝධය වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ. 25 June 2025
ජ‘පුර ශල්‍ය වෛද්‍යවරිය මළමිනියටත් සැත්කම් කරලා රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් අද(24)පැවසීය. 25 June 2025
ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක් ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. 24 June 2025
ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය ඇරැඹෙයි ඉරාන - ඊශ්‍රායල යුද්ධයේ අවසන් කිරීම සඳහා ඉරානය සටන් විරාමය බලාත්මක කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද(24) නිවේදනය කළේය. 24 June 2025
ඉරාන -ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමකට? ඊශ්‍රායලය සහ ඉරානය යුද ගැටුම අවසන් බවත්, දෙපාර්ශ්වයම පූර්ණ සටන් විරාමයකට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය. 24 June 2025
ඉරානය ඇමෙරිකා කඳවුරු වෙත මිසයිල එල්ල කරයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වෙත ඇමෙරිකාව පසුගියදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාකයේ සහ කටාරයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාරයක් ඊයේ (23) එල්ල කළේය. 23 June 2025
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නැව් තුනක් හැරෙයි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සුපිරි නෞකා අවම වශයෙන් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසළදී මාර්ගය වෙනස් කරමින් නැවත හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 June 2025
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026