
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයෙකු කකුලෙන් ඇදීම හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට සහභාගී නොවන ලෙස එම නායකයා සිය මන්ත්‍රීවරුන්ට පසුගියදා ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අර්බුදය තවත් උත්සන්න වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නායකයා එක්සත් ජාතික පක්ෂය සම්මේලනයට පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක් යොමු කර නිහඬ ප්‍රතිපත්තියක සිටින බවද වාර්තාවේ. විපක්ෂයේ සෙසු නායකයන් ජනතාව අතරේ ඉහළට එනු ඇතැයි බියෙන් ඔහු මේ අයුරින් කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ.
විපක්ෂයේ පුළුල් පොදු සන්ධානයක් පිහිටුවා ගන්නා ලෙසට ජනතාව ඇතුළු විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ලැබෙද්දි මෙම නායකයා පමණක් මේ අයුරින් කකුලෙන් අදින ප්‍රතිපත්තියක කටයුතු කිරීම බලවත් ප්‍රශ්නයක් බව එම මන්ත්‍රීවරු වැඩිදුරටත් පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීල් එකක් නිසා තමයි ඔය. විදිහට කකුලෙන් අදින්නේ... නැත්නම් ඔය නායකතුමා හිරේ, සංස්කෘතියේ ලක්ෂ 800 අවභාවිතයට...
අපි ඒ නායකතුමාට උපරිම උදව් කරමු. සංස්කෘතික අරමුදල විතරනේ අවුල්ගියේ. රටම කෑවේ නෑනේ අනික් අය වගේ....
ඒ නම් ඉතින් සජිත් තමයි. අනික් අය ඔච්චරටම බය වුනෙත් නැහැ. රනිල් වෙනුවෙන් උසාවියටවත් නොගියේ සජිත් තමයි. ඒ ඉතින් පුද්ගලික නායකකම් හේතු උඩ.
මම හිතන්නේ මේ කියන පුද්ගලයාව මෙහෙයවන්නේ ආණ්ඩුවෙන්. ඔහුට විරුද්ධව තියෙන චෝදනා ගැන කියලා ආණ්ඩුව ඔහුව බ්ලැක්මේල් කරලා වගේ. එමගින් ඔහුව විපක්ෂේ සන්ධානයට එකතුවීම ආණ්ඩුව විසින් වළක්වනවා.
විපක්ෂයේ කවුරුවක්වත් උඩට එන්නේ නං නෑ, දැනට පාලන ක්‍රමය මේ ක්‍රමයට දිගටම පාලනය කරොත්... මොකද මේ ක්‍රමය මිනිස්සුන්ගේ බලාපොරොත්තු වූ අභිලාෂයන් සියල්ලක්ම ඉටු කරමින් පවතිනවා.
අපිට හිතාගන්න පුලුවන් ඒ කවුද කියලා. මොනවා වුණත් ඒ සන්ධාන ඔක්කෝම කැලේ යනවා ජනාධිපති පොරය ආවාම...
හරි හමන් සුදුසුකමක් නැතුව පියානොගේ නමේ පිහිටෙන් දේශපාලනයට පැමිණි මේ පුද්ගලයා බල තණ්හාව නිසා අපේ රටේ නම්බුකාර ඓතිහාසික දේශපාලන පක්ෂයක් නන්නස්තාර කළා මදිවට දැන් තවත් වලපල්ලට තල්ලු කරන්නයි මේ හදන්නේ...
ස.ජ.බ.ලොක්කත් ආවේ නැහැනේ. වැලේ වැල් නැති තක්කඩ් දූෂිත දේසපාලුවෝ එකට සෙට් වෙලා ? ඇවිත් හිටපු දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන ජනතාව හොන්දාකාරවම දන්නවා .
නම නොකිව්වාට කවුද කියලා තේරෙනවා. එයාට ඕනෑ ඊළඟ ජනාධිපති වෙන්න.
ඔක්කොම නමින් කපුරුහාමිලා, හැබැයි කපුරු සුවඳක් වත් නෑ.. මුළු විපක්ෂයම ගඳයි.
ඔය විපක්ෂයේ ප්‍රබලයා සජිත්, එයා කොහොමත් කැමති වෙන්නේ නැහැ. ආයෙත් රනිල් යටතේ සන්ධානයකට එකතු වෙන්න. ඒක සජබ මෝඩයින්ට තේරෙන්නේ නැහැ. සජිත්ව ෆෝම් කරලා ඔතැනට තල්ලු කෙරුවෙත් ඔය මෝඩ රැලම තමයි. ඒ කොහොම වුණත් අබල දුබල විපක්ෂය එක සංධානයක් නොවෙයි. සංධානය හතක් ගැහුවත් රනිල් සජිත් හා නාමල් ඉන්නා තුරු බලයට එනවා බොරුයි.
ඇත්ත වශයෙන්ම, සජිත් මේ පාලනයට බයයි, චෝදනා නිසා නෙවෙයි, නමුත් චෝදනා එල්ල වී ඇති පරීක්ෂණ සඳහා හිරේට නොයෑමට ඔහුට අවශ්‍ය නිසා. නීතිඥවරුන් සහ විනිසුරුවරුන් හරහා CID සහ අධිකරණය ඇතුළු සියලුම රජයේ ආයතන හසුරුවමින් මෙම පාලනයට ඕනෑම දෙයක් කළ හැකිබව ඔහු දනී. මෙය දන්නා නමුත් සාමාන්‍ය ජනතාව සිතන්නේ වෙනත් ආකාරයකින්. එසේම, මෙම පාලනය ඔහු වෙනුවෙන් කිසිදු පියවරක් ගැනීමට කැමති නැත. මන්ද එය රනිල්ට වාසිදායක වනු ඇත. එසේම, රනිල් ප්‍රේමදාස නායකයෙකු වීමට ඉඩ නොදෙනු ඇත. සියල්ලෝම කපටි හිවලුන් බවත් රට සංවර්ධනය කිරීමට උනන්දුවක් නොදක්වන බවත් පෙනේ. ප්‍රේමදාස සමඟ අවංක වීම සැබෑයි. නමුත් මේ පුද්ගලයා UNP කරුවන්ට අවශ්‍ය නොවේ...
අරෙහෙ එක සෙට් එකක් මහින්දව කරේ තියන් තමන්ගේ දේශපාලන අනාගතය රැක ගන්න දඟලනවා. මෙහෙ මේ සෙට් එක රනිල්ව කරේ තියන් තමන්ගේ දේශපාලන අනාගතය රැක ගන්න දඟලනවා. ඔය මහල්ලො දෙන්නම දැන් අවලංගු කාසි. ඔය දෙන්නව ඉස්සරහට දා ගෙන මේ රටේ දේශපාලන අනාගතයක් නෑ. සජිත් ඔය දේ තේරුම් ගන්නව නම් ලොකු දෙයක්.
මෝඩ අසේලගේ පච කමෙන්ට්ස්
සජිත්ට හිරේ යන්නම වෙනවා . ඇමති කාලේ සල්ලි ගිලදමා ඇත , පන්සල් සහ පල්ලියටත් සෙසු ආගමික ස්ථාන සඳහා රජයෙන් මුදල් ලබා දීලා වැඩ කරන්න ඕන .ඒක ප්‍රශ්නයක් නෙමෙයි