IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට

(බණ්ඩාර ජයරත්න, චමින්ද ජයලත් සහ සමන් බණ්ඩාර)

මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි.

එම ස්ථානයේ සිවු දෙනකු සේවය කර ඇති අතර එක් අයකු යට නොවී බේරි ඇත. තවත් එක් සේවකයකු පස් කන්දට යටවී ඇති අතර ඔහු බේරාගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරමින් සිටින බව සහන කණ්ඩායම් පවසයි. 

----------------------------------------

මාවනැල්ලේ පස් කන්දක් කම්කරු පිරිසක් මතට වැටේ

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි තිදෙනකු  මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.

මේ වන විට ඔවුන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.

( ඡායාරූප -එන් ආරච්චි )

 

වැඩිදුර තොරතුරු එසැනින් බලාපොරොත්තුවන්න ........



අදහස් (12)

මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට

අරවින්ද මොණරවිල Monday, 29 September 2025 11:44 AM

නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා අහිමි වන වටිනා ජීවිත, මේවා සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි.

:       8       34

Richard Monday, 29 September 2025 06:07 PM

මෝඩයෙක් වුනාට ප්‍රදර්ශනය කරන්න එපා... රටේ මිනිස්සු ඉදිකිරීම් කරනවා තරහකාරයෙක් හැර කවුරුවත්ම පොලිසියට කියන්නේ නැහැ. සමහරවිට අදාල පළාත් පාලන ආයතනයට කියාවි. ඒත් රජයේ ව්‍යාපෘතියක වුණත් හැමවෙලේම තාක්ෂණ නිලධාරි යන්නේ නැහැනේ... තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසාගන්න කියන්නේ ඒකට තමයි ලොක්කෝ...

:       12       3

අරවින්ද මොණරවිල Monday, 29 September 2025 09:52 PM

රිචඩ් ඔයා ගොනෙක් උනාට කමක් නැහැ උම්බෑ ගාන්න එපා, එතකොට ඒක හැමෝම දැන ගන්නවා. කම්කරුවා කියන්නේ උගත් බුද්ධිමත් අය නොවෙයි. එවැනි අයගෙන් සේවය ලබා ගන්නා තැනැත්තා හො ආයාතනය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කල යුතුයි. ඔවුන්ට රටේ නීතිය අනුවත් ඒ වගකීම තියෙනවා. එහෙම නොකර මිනිසුන් අනතුරට පත්වෙන ආකාරයට සේවයේ යොදවා ඇත්නම් පොලිසියට හැකියාව තියෙනවා ඒ පිළිබඳව උසාවියට කරුණු වාර්තා කරන්න.

:       1       0

Tharindu Tuesday, 30 September 2025 12:03 AM

අරවින්ද ඔයා ඔය දේශපාලන සමාජ ආර්ථික පොර ටෝක්ස් දෙන්නේ පිට රටක ඉදගෙන නේ??ඔයාගේ ගෙදර වැඩකරන කම්කරුවාට ආරක්ෂිතව පසුබිමක් නිර්මාණය කරන එක මෙවන් ස්ථානයක තාප්පයක් හෝ කුමන ඉදිකිරීමට ඔයා ගන්න පියවර මොකක්ද කියන්නකෝ?මේ රටේ අහිංසක කම්කරුවෝ කුමක් හෝ රස්සාවකට යන්නේ තමන්ගේ පවුල නඩත්තුවට කියක් හරි හොයාගන්න

:       1       2

thilak Monday, 29 September 2025 04:08 PM

අද බොහෝ දෙනෙක් මෙවැනි රැකියා කරන්නේ ජීවත් වෙන්න යම් මුදලක් උපයා ගැනීමටයි. මේ තමයි අද අපේ රටේ කනගාටුදායක තත්වය...

:       0       10

LasanthaTuesday, 30 September 2025 02:43 AM

හැම කෙනෙකුටම දොස්තරල ඉංජිනේරුවරු එකවුන්ටන්ල බැංකු නිළධාරි විදුලිබලේ පෙට්ට්‍රෝලියම් ආයතනවලම කරන්න බැහැනේ සෑම වැඩක්ම කරන්න පිරිස් ඉන්නෙ නැත්නම් සමබර වෙන්නෙ නැහැ ඒ නිසා පැවති ආණ්ඩුවලට ඇගිල්ල දික්කරන ප්‍රකාශ හරිනැහැ තිලක් ජනාධිපතිතුමා වුනත් සක්‍රයා ජනාධිපතිතුමා වුනත් ඒ තත්වය නම් වෙනස්කරන්න බැහැ

:       0       0

ගුණරත්න Monday, 29 September 2025 04:34 PM

මේ ආණ්ඩුව ආවාට පස්සේ එක පොදියට මිනිස්සු මැරිලා යනවා කියන එක අපිට දැනිලා තියෙනවා. අසාමාන්‍ය තත්වයක් මේක.

:       28       13

chathuriMonday, 29 September 2025 07:39 PM

ගුනරතනට තියෙන්නෙ වැඩි නැති මොලයක්. මාලිමාව ආවට පස්සේද එක පොදියට මිනිස්සු මැරෙන්නේ. එකපොදියට තරුණයින් මැරුවට ගොබ්බයින් පැහැර ගිහින් මරපුවාට මේ මරණ ඇවිත්. ආන්ඩුවේ වරදක් නෙමේ. තමුන් කරපු පව් අනුව ස්වභාවධර්මයෙන් මැරෙන ආකාල මරණ. ඉස්සර පොදි ගණන් මැරුනේ නිකරුනේ. පලි ගැනීම්... ඔයා වගෙ මෝඩයෙක්ට මේවා තේරුම් කරලා දීලා වැඩක් නැහැ. මරලා වැඩකුත් නැහැ. පුන්නක්කු දීලා හරි ජීවත් කරවන්න වෙනවා. මේ රජයට කණගාටුයි... මේ වගේ මෝඩ මීහරක් තමයි කලින් රට කෙරුවේත්... ඔවුන් මැරෙන්නේ නැති එකයි මට තියෙන ප්‍ර්ශ්නේ...

:       0       0

Nilantha Monday, 29 September 2025 09:51 PM

ඔවුන්ට බලයක් නැතුවත් 87-89 කාලයේ කොච්චරවත් මැරුවද

:       1       0

සිරිදෝරිස් Monday, 29 September 2025 07:14 PM

ඇත්ත තමයි. මාලිමාව ආවත් හරි රටට අවාසනාවන්ත හදිසි මරණ වලින් නම් කිසිම අඩුවක් නෑ. රටේ ළමා පරපුරම වනසලා මදිවට ආගම දහමත් වනසාගෙන නේ ආවේ. දේව සාප වේවා...

:       0       0

pakeer Monday, 29 September 2025 09:48 PM

ගුණරත්න කියන්නේ පිස්සෙක්

:       0       0

Chandana Tuesday, 30 September 2025 06:41 AM

තාම ගුණයා ජීවත් වෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 949 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site