IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා

(ගයාන් සූරියආරච්චි)

මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

එම දරුවන් අතර පිරිමි දරුවෝ 20 දෙනෙක් සහ ගැහැණු දරුවෝ 27 දෙනෙක් සිටිති.

ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (27) දින දක්වා ගත වූ මාස 9 ට කාන්තාවෝ 1483 ක් බන්ධනාගාර ගත කර සිටිති.

එම කාන්තාවන් අතරින් 229 දෙනෙක් වරදකරුවන්වූ සිරකාරියෝ වෙති.

ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා ගතවූ මාස 7 ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලද කාන්තාවෝ සංඛ්‍යාව 184 දෙනෙකි.

ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 75 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 97 ක්, ගංජා සම්බන්ධයෙන් 8 දෙනෙක්, අබිං සම්බන්ධයෙන් එක් කාන්තවක් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 3 දෙනක් වෙති.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ බන්ධනාගාර මූලස්ථානයෙන් කළ ඉල්ලීමකින් පසුව මෙම තොරතුරු අනාවරණය විය.

පසුගිය වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් සිරගත කර සිටි කාන්තාවන් සංඛ්‍යාව 885 ක් වන අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් කාන්තාවෝ 369 ක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ.

ඔවුන් අතරින් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 138 ක්, හෙරොයින් සම්බන්ධයෙන් 199 ක්, ගංජා සම්බන්ධයෙන් 17 දෙනෙක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙක් ද වූහ.

ඉකුත් වසරේ විවිධ වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවන් 655 ක් බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් විවාහක කාන්තාවෝ 278 ක් සිරගත කරනු ලැබ සිටියහ.

ඊට අමතරව අවිවාහක කාන්තාවන් 98 දෙනෙකු ඉකුත් වසරේ බන්ධනාගාර ගත කර තිබූ අතර ඉන් 65 දෙනෙක් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිර දඩුවම් ලැබූවෝ වූහ.

කෙසේ වෙතත් ඉකුත් වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක් සිරකරුවකු සදහා රජය දිනකට ආසන්න වශයෙන් රුපියල් 1,411 ක් වියදම් දරන අතර එක් සිරකරුවකු වෙනුවෙන් වසරකට ආසන්න වශයෙන් රුපියල් 516,352 ක මුදලක් වැය කරන බවද අනාවරණය වී ඇත.

එක් සිරකරුවකුගේ දිනක ආහාර වේල වෙනුවෙන් රුපියල් 697 ක මුදලක් ද, වසරක් සදහා රුපියල් 255,174 ක මුදලක් ද ඉකුත් වසරේ රජය වැයකර ඇති බවද සදහන්වේ.

බන්ධනාගාර මූලස්ථානයෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙරට වැඩිම ජන සංඛ්‍යාවක් අදහන ආගමට අයත් පුද්ගලයන් 18,179 ක් ඉකුත් වසරේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් සිරගත කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site