
(අංජුල මහික වීරරත්න)
ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා මෙසේද කියයි.
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු.
රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමි කර දීම ප්‍රජාවක් සතු වගකීමකි. අයිතීන් සමඟ යුතුකම් සහ වගකීම්ද නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස අපි සෑමවිටම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටිමු. එසේම, ළමයා යනු කවුරුන්ද යන්න වඩා ප්‍රායෝගික සහ පරිපූර්ණ ලෙස නිර්වචනය කරමින් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනයට අවශ්‍ය මැදිහත් වීම අපි ඉටු කරමින් සිටිමු.
එහිදී සියලුම ළමුන්ගේ කායික-මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලුම ආකාරයේ හිංසනවලින් ආරක්ෂා කිරීම මෙන්ම, නිසි පෝෂණය සැපයීම සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට අප රජය බැඳී සිටියි. පාසල් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් ඕනෑම සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එහෙයින් මෙවර අයවැයෙන් ඔටිසම් ඇතුළු වර්ධන අක්‍රමිකතා සහිත දරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු.
එවන් මොහොතක, “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” තේමාව යටතේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මෙවර ලෝක ළමා දින සැමරුම පැවැත්වීමෙන් එම අරමුණු කරා යන මාවත වඩා එළිපෙහෙළි කරන බව අපි විශ්වාස කරන්නෙමු.
මෙම විශේෂ දිනයේදී, අපගේ දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට අපි නැවත ප්‍රතිඥා දෙමු. ඔවුන්ගේ ප්‍රීතිමත් සිනහව අපගේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තියයි. එසේම, අපගේ වැඩිහිටියන්ට මෙරට ප්‍රගමණයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පිරිනමමු.
ළමුන්ට සහ වැඩිහිටියන්ට සුරක්ෂාව සහ ගෞරවය පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි සියලුදෙනා එක් වෙමු.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා -වැඩිහිටි අයිතිය රකින්න කැපවෙනවා
මහසෙන් Wednesday, 01 October 2025 07:55 AM
කැප විතරක් නෙවේ ඇපත් වෙනවා කියලා පේනවා දැන් දැන්.ඒ වැඩ ටික හොදින් යටින් වෙනවා නේ ද?
ගුණරත්නWednesday, 01 October 2025 04:51 PM
රාජ්‍ය වියදම් කපන්න කියලා ආපු ආණ්ඩුව මන්ත්‍රීලා හිටපු ජනාධිපතිලාගේ පැන්ෂන් වරප්‍රසාද කැපුවාට වෙනත් කිසිම වැදගත් පියවරක් අරන් නැහැ. ඒ වගේම රජයෙන් නාස්තිකාර වියදම් රාශියක් අලුතෙන් හඳුන්වාදීගෙන යනවා, මේකෙන් වෙන්නේ ආණ්ඩුව නොබෝදිනකම විශාල අර්බුදයක් වැටෙන එක, මතක තියාගන්න 2028 අවුරුද්දේ අපි ණය ගෙවන්න පටන් ගන්නවා.
Toni Wednesday, 01 October 2025 11:50 AM
මහසෙන් කිව්වා වගේම යටින් හෙමීට වැඩටික යනවා.
Tiran Wednesday, 01 October 2025 12:35 PM
කටින්ද දන්නේ නෑ මේ ප්‍රකාශය කලේ?
සමන් - ඕමානය Wednesday, 01 October 2025 01:22 PM
අනුර මාමේ, අර බිමල් මාමයි, හරිණි නැන්දයි කිව්වා, අපිට විනෝද වෙන්න දෙන්න තියන රුපියල් 5,000/- දෙනකන් බලාගෙන ඉන්නේ...
Gihan Wednesday, 01 October 2025 03:08 PM
පච තමයි...
sene Wednesday, 01 October 2025 03:35 PM
මේ නව ප්‍රභූ ධනවත් කල්ලියේ කෙනෙක් නේද ?