පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය. 20 April 2025
පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය. 19 April 2025
වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්ෂක අංග ගැළවෙයි වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති. 18 April 2025
දියර කිරි-යෝගට් වැට් බද්දෙන් නිදහස් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසීය. 17 April 2025
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 16 April 2025
බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 15 April 2025
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 April 2025
අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි . 14 April 2025
සුභ අලුත් අවුරුද්දක් වේවා ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු 14 April 2025
මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය. 13 April 2025
හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද? මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය. 12 April 2025
බක් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂ සිදුවීම් වනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නාගදීපයට සිදු කිරීම’, මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩමවන මෙන් ආරාධනා කිරීම, මිණිපළඟ තැන්පත් කොට නාගදීප සෑය බැඳීම වේ. 12 April 2025
රනිල් අල්ලස් කොමිසමට කැඳවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 11 April 2025
කෝප් කමිටුව ගුවන්තොට වටලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේම පැමිණියහ. 11 April 2025
රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්? විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා දැනුම් දී ඇත. 10 April 2025
ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ් රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතර දෙනා මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත 09 April 2025
පිල්ලෙයාන් අත්අඩංගුවට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 08 April 2025
ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 08 April 2025
එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 06 April 2025
ගැනුම්කරුවන් නැතිව මැති සබේ සුපිරි වාහන වේලෙයි විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ. 06 April 2025
ලංකා මාතාව මෝදි පිළි ගනී ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාව වෙත පිළිගනු ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය පැවැත්විණි. 05 April 2025
මෝදි ලංකාවට පැමිණෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය. 04 April 2025
මෝදි අද රෑ දිවයිනට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි. 04 April 2025
නාමල්ගේ නීතීඥ භාවය ගැන සොයන්න නියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(03) නියෝග කළාය. 03 April 2025
එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය. 02 April 2025
මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය. 01 April 2025
IOC පෙට්‍රල් මිලත් පහළට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) පෙට්‍රල් මිල ‘සිපෙට්කෝ’ මිලට සමාන කළ බව එම සමාගම පවසයි. 01 April 2025
පෙට්‍රල් මිල පහළට ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය. 31 March 2025
දොස්තර කුඩු ගහද්දී මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 31 March 2025
රාමසාන් උත්සවය අදයි ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ. 31 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026