IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වවුනියාව නගරාධිපති උප නගරාධිපතිට ධූරවල කටයුතු තහනම්

(රංජන් කටුගම්පොල)

වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති පී. කාතිතීපන් යන මහත්වරුන්ට වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් වල කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වව්නියාවේ පදිංචිකරුවන් වන එස්.කේ. විජේකුමාර් සහ එම්.ප්‍රේමදාස මහත්වරු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එලෙෂ අතුරු නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ අතුරු තහනම් නියෝගය බල පැවැත්වීමටද නියම කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රොහාන්ත අබේසූරිය සහ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි.

වව්නියාවේ පදිංචිකරුවන් වන එස්.කේ. විජේකුමාර් සහ එම්. පේ‍්‍රමදාස් මහත්වරු ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වව්නියාව මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් පත්වු ප‍්‍රජාතන්ත‍්‍රික දෙමළ ජාතික සන්ධානයේ සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් පත්වු ප‍්‍රජාතන්ත‍්‍රික ජාතික සන්ධානයේ පී. කාතිතීපන් යන මහත්වරුන්ට නම් කර ඇත.

 



අදහස් (0)

වවුනියාව නගරාධිපති උප නගරාධිපතිට ධූරවල කටයුතු තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site