හිස්බුල්ලා හමුවන්න නීතිඥවරුන්ට අවස්ථාව තියෙනවා
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රතික්ෂේප කර නොමැති බවත් , එම ප්රවේශයන් ලබා දිය හැකි දින වකවානු පිළිබද හෙට (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බව නීතිපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.