කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් 12ම ඉවතට
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් මුස්ලිම් ජාතිකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් , එම වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන