(සුජිත් හේවාජුලිගේ )
එන්නත නොලැබේවියයි කිසිවකු බිය විය යුතු නැතිබවත් කොරෝනා මර්දන එන්නත ලබාදී යුතු සියලු දෙනාට එන්නත නිසි වේලාවට ලබා දීමට කටයුතු කරන බවත් කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් සොයා ගැනීමට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යන බවත් එම එන්නත බොහෝ දුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් රුසියාවෙන් ලබාගැනීමට රජය කටයුතු කරගෙන යන බව කි ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා ඉන් මාත්‍රා ලක්ෂ නමයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඇතැයිද සඳහන් කළේය .
එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුනි මස අග හෝ ජුලි මස මුල මෙරටට ලැබෙනු ඇතැයිද ඔහු කීවේය .
ෆයිසර් එන්නත ලබා දිය යුත්තේ එක මාත්‍රාවක් පමණක් යැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා එන්නත්කරණ ප්‍රමාණ සැලකිල්ලට ගෙන එන්නත් ගෙන්වා ගැනීම
සිදුකරන බවද පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි වෙලාව දැනටත් පහුවෙලා තියෙන්නෙ.
නිසි වේලාවට දෙනවා කියන්නේ තවම නිසි වේලාව ඇවිත් නැද්ද?
60 පැනපු අපට රෝගය වැළඳ මිය යාමේ ප්‍රවණතාව ඉහළ බැවින් ඔය නොඑන ඒන්නත වලට පෙර රුපියල් 5000 මිනීපෙට්ටි ආධාර ලබාදෙන ක්‍රියාවලියක් සාදන්න.
අනේ නෑ. කොහොම හරි මැරෙන්නේ පාරක නෙවෙයි ඇඳක කියලා මතක් වෙද්දි පුදුම සහනයක් දැනෙන්නේ.
එන්නත ලැබෙනකම් කොවිඩ් හැදෙන්නේ නැතිව ඉන්නේ කොහොමද කියන එකයි බය..
ෆයිසර් එන්නත අනිත් රටවල මාත්‍රා දෙකක් දෙන්නේ දන්නේ නැතිකම නිසාද? ලංකාවේ ඉන්න "දොස්තර" ලාගෙන් උපදෙස් නැති නිසාද?
ඒ ගැන නම් ඒ හැටි බයක් නෑ ඒත් මැරිල ආයි මෙහෙම ඉපදෙයි කියල නම් බයයි
අපි බය නැහැ.. ඔබ කොහොමද?
නිසි වෙලාව පහුවෙලා දැන් මාස ගණනක් වෙනවා
කොළඹ නැවතිලා වැඩ කරන පිට පළාත්වල අයට එන්නත ගන්න ක්‍රමයක් හදන්න. ග්‍රාමසේවා මට්ටමින් එන්නත් දුන්නත්.., පදිංචි සහතික, හැඳුනුම් පතේ ලිපිනය නිසා පිට පළාත්වලින් පැමිණ කොළඹ නැවතිලා වැඩ කරන අයට එන්නත ලබාගන්න බාධක වැඩියි. කරුණාකර මේ පිළිබඳ වැඩ පිළිවෙලක් දැනුවත් කරන්න...!!
බොරැනේ කියන්නේ.ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දිය යුතුයි.පලවෙනි මාත්‍රාවෙන් පසු හරියටම දවස් 21 කින් දෙවන මාත්‍රාව දිය යුතුයි.
එන්නත් ගන්න මිනිසසු පෝලිමේ දවසම රස්තියාදු වෙද්දි සමහර අය හොර පාරෙන් ගහගන්නවා... දුප්පත් මිනිස්සු දවසම පෝලිමේ ඉඳට හිස් අතින් යනවා. මම නම් කියන්නේ මේක පුදිගලික රෝහල්වලටත් දෙන්න. එතකොට සල්ලි තියෙන අය ගෙවල් ගහගනී. දුප්පත් අයට තව අවස්ථාව හම්බ වෙනවා....
පළමු මාත්‍රාවෙන් සති 4-8 කට පසුව කෝවිඩ් සීල් (ඇස්ට්‍රා ෂෙනිකා) දෙවන මාත්‍රාව ලබා දිය යුතුය. නමුත් එය ප්‍රමාද නම් මොකද කරන්නේ?
පළමුවැනි මාත්‍රාව විදලා සති 12 ක් පහු වුනාට පස්සෙ දෙවැනි එන්නත දුන්නොත් ප්‍රතිශක්තිය ලැබෙන්නෙ පළමුවැනි මාත්‍රාවෙන් ලැබෙන ප්‍රමාණයම වන අතර ප්‍රතිශක්තිය පවතින්නෙත් සති 12 කාලයක් පමණයි. නමුත් සති 10 - 12 අතර කාලය තුලදී දෙවැනි එන්නත දුන්නොත් ප්‍රතිශක්තිය දෙගුණයකින් විතර වැඩිවෙලා අවුරුද්දක් විතර දිගු කාලයක් පවතිනවා.
සමහර කොමෙන්ටු දැක්කාම කණගාටුයි. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පුළුවන් හැම වෙලාවෙම ගෙදර හිටියානම් කාටවත් ඇඟිල්ල දිගු නොකර වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ආණ්ඩුව රට වැහුවේ නෑ කියලා අපි එළියට ගිහින් වෛරසය බෝ කරගෙන හරියන්නේ නෑ.
අපෝයි ඔව්. මොනවා කියනවද ඒ ගැන නම්. දැන් කාට කාටත් අතීතය අමතකයි වගේ. ඒත්,අපට මතකයි ඒ දිනවල පාර්ලිමේන්තුවේ විපක්ෂෙ උදවිය ඉක්මනින් එන්නත ගේන්න කියා කොච්චර කිව්වාද? සත පහකට ගණන් ගත්තේ නැහැ. ධම්මික පැණි, මුට්ටි පාකිරීම වගේ දේවල් වල එල්ලී කොවිඩ් වසංගතය ගැන සුළුකොට හිතුවා. සංචරණ නීති හරිහැටි දැම්මේවත් නැහැ. මේ රටේ සැබෑ බුද්ධිමතුන් මොනතරම් කරුණු කාරණා පෙන්වා දුන්නද? සත පහකට ගණන් ගත්තේ නැහැ. ඒත්, දැන් නම් කට්ටිය හොඳටම බය වෙලා වගේ පේන්නේ. මොනවාට බෙහෙත් තිබුණත්,මෝඩකමට බෙහෙත් නැහැයි කියනවානේ.
ඔබතුමා ගෞරවනීය යුද සෙබලෙක්. කුහකකමක් නැතිව කව්රුත් එක පිළිගන්න ඕන. නමුත් පහුගිය දවස් වල ඔබතුමා කියපු කරපු දේවල් බැලුවම ඇතිවෙන්නේ කණගාටුවක්. හැබැයි ඉතින් ඒකට පැහැදිලි හේතු තියනවා. නමුත් මිනිස්සුන්ව අද කාලේ බොරු කියලා රවට්ටන්න අමාරුයි. අපි පළමු මාත්‍රාව ගතපු අය විදියට ඔබතුමාගේ වචනේ විශ්වාසකරලා බලන් ඉන්නම් - අනිකුත් උදවිය ගැන විශ්වාසයක් නැති උනත්
ෆයිසර් එන්නත ලබා දිය යුත්තේ එක මාත්‍රාවක් පමණක් යැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා
අපි මුලින්ම අධිවේගී මාර්ග, ශාරීරික සුවතා මධ්‍යස්ථාන හදලා දේශපාලකයන්ට යන්න අලුතින් හෙළිකොප්ටරුත් ගෙන්නලා ඉවර වුණාට පස්සේ එන්නත් ගෙන්වමු. දේශපාලකයන්ගේ, දොස්තරලාගේපවුල්වල මිනිස්සුන්ට කොහොමත් එන්නත ගැහුවා. අනිත් මිනිස්සු මැරුණත් ආණ්ඩුවට කමක් නැහැ. ගජමිතුරන්ගේ කොරෝනා ගරානාව එන්නත් ගැහුවොත් කරන්න ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව ප්‍රශ්න වහගන්න, කොරෝනාව හිඟන්නාගේ තුවාලයක් කරගෙන. අපට ඔබතුමාගේ බොරු අහලා එපාවෙලා..
ලොක්කටම හරියන කෙනෙක්... කයිවාරු විතරයි. බයවෙන්න එපා කියන්නේ ඕක ගෙදර හදනවාද රටට ඇති වෙන්න.
අපිට නම් හමුදාපතිතුමා එහෙම බයක් නැහැ, බය සැක තියෙන්නෙ එන්නත ගන්න දවසට පැය කීයක් නැත්නම් වරුවක් නිකරුණේ පෝලිංවල සිටගෙන ඉන්න වේවි ද කියලයි. අනවශ්‍ය කලබලයක් නැතුව ප්‍රදේශ අවදානම අනුව ක්‍රමානුකූලව පිළීවලකට ජනතාවට ලබා දෙන්න.
ඇත්තෙන්ම හමුදාපති තුමා මේ කියන්නේ බිම් මට්ටමේ තත්වය දැනගෙන දැයි පැහැදිලි නැත. මේ වෙන විට රටේ තැන් කිහිපයක මෙම එන්නත ලබා දෙති. ඒ ක්‍රමය ඉතාම අසංවිධානාත්මකය, දැඩි අනතුරු දායක තත්වයක් ඇත, මනුෂ්‍යත්වයෙන් තොරය, "දෙන්න ඕන නිසා දෙනවා වැනිය" - වැක්සින 1000 ක් පමණ තිබෙන තැනකට ජනතාව 15000 පමණ රැස් කරවති, එය කරන්නේ ඒවා සංවිධානය කරන නිලධාරීන්ය!. සමහරු පාන්දර 5 සිට පොලිමේ සිටිති. දහවල් 1 - 2 පමණ වෙලාවක් රැඳි සිටි බොහෝ දෙනා ආපසු හැරි යති!
ඔබතුමාට කව්රු හරි වැරදි තොරතුරක් දීලා තියෙන්නේ.
අමාරුවේ වැටිලා ඉන්නේ වේලාවේ නිකන් විහිලු නොකර ඉන්න මහත්තයෝ
පරලෝකෙදිද විදගන්න වෙන්නෙ? බල්ලන්ගේ වැඩේ බූරුවො කරන එකම රට කොහේද?
අවුරුදු කන කොට හිතුවා නම් මෙහෙම වෙන්නේ නෑනේ.... රෙදි පෝලිමේ ඉන්න කොට වගේනේ...
දෙනවනම් හැමෝටම ෆයිසර් දීපිය.මොකක්ද මේ කරන වැඩේ