IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම්

(ඩයනා උදයංගනී)

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්න තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කීවේය.

ජනතා සහයෝගය නොමැතිව මෙම වසංගතය පාලනය කළ නොමැකි බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වසංගතය පැතිරයන දිස්ත්‍රික්කවල මෙන්ම රටේම ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වන අයුරින් රෝගීන් වැඩිවීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර වසංගතය ව්‍යාප්තවීම සිදුවෙමින් ඇතැයි ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.

එම කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

 



අදහස් (3)

දිස්ත්‍රික්ක අටක් දැඩි අවදානම්

upali Monday, 17 May 2021 03:15 PM

දැන්වත් හෙළ වෙදකමේ දොස්තරලාට අවස්ථාවක් දෙමුද? ලෙඩේ සනීප කරන්න..

:       2       1

JAYATH Wednesday, 19 May 2021 05:58 AM

ඔය ඊනියා හෙළ වෙදකමටවත් ආයුර්වේදයටවත් කවුරුවත් අවස්ථාවක් නොදුන්නේ නැහැ කියන්නේ වැල් බයිලාවක්... ඒ කතාව ඔවුන්ගේ නොහැකියාව වහගන්න කාලයක් තිස්සේ කියන බයිලයක්. ඕනෑතරම් අවස්ථා තියෙනවා... තිබුණාට ගත්තේ නැහැ. මොකද ගත්තොත් ඇනෙන බව දන්නවා.. මම ළඟ පැහැදිලි උදාහරණ තියනවා. කතාව දික් වෙන හින්දා ලියන්න බැහැ. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය ලෝකේ හැම රටකම ඔය විවිධ නම් වලින් එන වෙදකම් තියනවා. අඩුගණනේ මේක හදපු චීනේ පවා. මේ වෙනකොට ඔය එකෙකුට බැරිවුණා නොවැ අඩු ගණනේ මොන මල ඉලව්වක්වත් හදා ගන්න. බටහිර එන්නත් ඇරුණාම එහෙව් එකේ තවත් මොන කතාද?. ඉතින් දැන් වුණත් ප්‍රමාද නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිල්ලා මේ ව්‍යවසනයෙන් ලෝක ජනතාව මුදාගන්න.

:       0       1

Rohana Wednesday, 19 May 2021 04:11 PM

වෛද්‍ය කාර්ය මණ්ඩලය කොතරම් කැපවීමෙන් වැඩ කලත් යුක්රේනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් නිසා රෝගය වේගයෙන් ව්‍යාප්තවුනා. වෛද්‍ය කාර්ය මණ්ඩයේ සහ ජනතාවගේ කැපවීම වතුරේගියා. නුවරඑලියේ වසන්ත සැනකෙලියත් රෝග ව්‍යාප්්‍තියට ප්‍රධාන හේතුවක්. දැන්වත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තොත් රෝගය පැතිරීම වැලැක්වීම අසීරු වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 356 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site