IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි

(යොහාන් භාසුර)

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රජය පසුගිය අපේ‍්‍රල් මස අගදී පැනවූ එම තහනම හේතුවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායකින ද්‍රව්‍ය අඩංගු ආනයනික බහලූම් 50 කට ආසන්න සංඛ්‍යාවක් වරායේ හිරවී තිබූ බවත් ආනයන සහ අපනයන පාලකවරයාගේ මෙම උපදෙස් සමඟ ඉදිරි දින කීපයේදී එම බහලූම් නිදහස් කරනු ඇතැයි ද රේගුව සඳහන් කරයි.

රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලූම බලපත‍්‍ර අවලංගු වීමෙන් මෙම රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරගැනීමට නොහැකි විය.

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6 වැනිදා ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

 



අදහස් (4)

අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි

siri Friday, 14 May 2021 12:14 PM

සියලුම ගොවියන්ට පොහොර නොමිලයේ දෙනවා කියලයි පොරොන්දු උනේ. දැන් සල්ලි දීල ගන්නත් නැහැ. තහනම් කරනවා ඒඋනාට ගෙන්වන්න දෙනවා. දෙකම එකයි හැබැයි වෙනස්.

:       0       10

මරාSaturday, 15 May 2021 02:11 AM

මෙවා අහන්න වුණානේ... අපේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ...කොහෙද සිරිසේනත් එක්ක බෑනේ....

:       2       8

siriSaturday, 15 May 2021 08:42 AM

යන්නේ කොහෙද මල්ලේ පොල්...? කවුරු උනත් වැරද්දක් වැරද්දක් හැටියට පෙන්වා දෙන එක වෙන කාට හරි මුට්ටි ඇල්ලීමක් කියා හිතෙන එකයි වැරැද්ද.... " මගේ අතිනුත් වැරදි උනා. වැරදි කරපු අයට දඬුවම් දෙන්නේ නැතුව මම ඔවුන් ආරක්ෂා කළා. ලඟදි ළුණු එහෙම කෑවද? අල එහෙම කෝමද?. දැන් සැපද ? " කියපු මිනිස්සු කරපු දේ වටහා ගන්නේ නැතුව කරපිට තියාගෙන ඉන්න තුරාවට මේ රට හදන්න බැහැ... යාලුවා.

:       0       9

kamak Saturday, 15 May 2021 03:10 AM

එක රටක් එක නීතියක්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site