IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගර්භනී මවුවරුන්ටත් කොරෝනා එන්නත දෙන්න

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වී සිදුවන මාතෘ මරණ අඩුකරගැනීමට නම් ගර්භනී මවුවරුන්ට එන්නත් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.

එන්නත්කරණය මගින් කොවිඩ් ආසාදිත වී අසාධ්‍ය වන මවුවරුන් සංඛ්‍යාව මෙන්ම මියයන සංඛ්‍යාව ද අඩුවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය නිරීක්‍ෂණය යටතේ ගර්භනී කාන්තාවන්ට එන්නත ලබාදීම සුදුසු බවට බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව නිර්දේශ කර ඇතැයි කී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳ සැලැස්මක් සකස් කරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂතුමියට දැනුම් දී තිබෙන බවද කීවේය.

වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල් පාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ දී අද(18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එන්නත්කරණයට අවසර ලැබීම මෙන්ම ක්‍රියාත්මක කිරීමත් කඩිනමින් සිදුවිය යුතු බව කී සභාපතිවරයා ගැබිණි මවුවරුන් විශේෂිත කොටසක් සේ සළකා අවම වශයෙන් එන්නත් මාත්‍රා 50,000ක් වෙන්කර සති 28ට වැඩි මවුවරුන් 25,000ක් හෝ එන්නත් කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය

මෙහිදී අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොවිඩ් ආසාදිත මවුවරුන් සෞඛ්‍යාරක්‍ෂිතව දරුවන්ට මවුකිරිදීමේ වරදක් නොවන බවත් මවුකිරි දෙන මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බවත්ය.

 



අදහස් (0)

ගර්භනී මවුවරුන්ටත් කොරෝනා එන්නත දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site