IMG-LOGO

පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )‍‍‍‍

ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත.

අදාළ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට එම සිසුවිය ඇතුල් නොකිරීමෙන් , එම විදුහල්පතිවරිය , සම්මුඛ පරීක්ෂා සහ අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප්‍රාදේශීය අධ්‍යපන අධ්‍යක්ෂක විසින් සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ අධිකරණය අගතියට පත් සිසුවිය වහාම එම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට නියෝග කරනු ලැබ ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ අගතියට පත් සිසුවිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඒහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මුර්දු ප්‍රනාන්දු , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ගම්පහ, අස්ගිරිය පදිංචි සයුරිනි ලිමෙන්සා ප්‍රනාන්දු සිසුවිය සහ සිසුවියගේ පියා වන සමන් දර්ශන ප්‍රනාන්දු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩල සභාපති , ඒම විදුහලේ විදුහල්පතිනී .එච්.එම්.ගයනි වත්සලා , විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් , අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින් , ගම්පහ ප්‍රදේශිය අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ජී .සිරිමා යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (9)

පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි

Indika Sunday, 16 May 2021 12:09 PM

හොඳ පුවතක්...

:       0       40

විපරමා Sunday, 16 May 2021 01:29 PM

හොඳ වැඩේ. සමහර ජනප්‍රිය පාසල්වලට හොර ලියකියවිලි හදාගෙන විදුහල්පතිටත් ලොකු පගාවක් දීලා ළමයි දාගත්තු හැටි දන්නෝ දනිති..

:       0       40

Almeida Sunday, 16 May 2021 03:59 PM

කාලෙකට පස්සේ අධිකරණයකින් දුන්නු හොඳ තීන්දුවක්... හරි නම් පුද්ගලික මුදලින් ගෙවන්න කියන්න තිබ්බේ.

:       0       51

iks chandrasiri Monday, 17 May 2021 02:17 AM

අනෙක් අයටත් මේක හොඳ පාඩමක්. දරුවෙක්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන ගුරුවරු. දරුවන්ටත් දෙමව්පියන්ටත් සුබ පැතුම්

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 17 May 2021 02:46 AM

අපූරු අධ්‍යාපන බලධාරීන්.තෑගි දෙන්න වටිනවා. රටේ අනාගතය බාරගන්නට සිටිනා සිසු දරුවන් මීට වඩා හොඳින් රැකබලා ගැනීමට කාලය එළඹ ඇත.

:       0       0

chinthana Monday, 17 May 2021 03:26 AM

දැන් විදුහල්පතිනියයි ගුරුවරුයි එකතුවෙලා ඒ ළමයාට ඉගෙනගන්න එකත් එපා වෙන තරමට වද දෙයි. දඬුවම් කරයි. අපචාරයට ලක් කරයි. සමහරවිට ඒ ළමයා දිවිනසාගන්න තෙක් හෝ පාසලෙන් අස්වී යන තෙක්ම, එහෙමයි ලංකාවෙ ගුරුවරු

:       1       4

සමන්ත Monday, 17 May 2021 04:26 AM

මෙය හොද තීරණයක් වුවද අස්ගිරිය ප්‍රදේශයේ කෙනෙක් ගම්පහ නගර⁣ මධ්‍යයේම ඇති එම විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ කෙසේද. එසේම එම දරුවාගේ දෙමාපියන් වෙනත් පාසලකට දරුවා ඇතුළත් නොකර සිටීමත් වරදක්. එක තීන්දුවක් නිවැරැදි ආකාරයට ලබා දුන්නද එම දෙමාපියන් ද කර ඇත්තේ බලවත් වරදක්. නිසිකලට අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය තවත් පාසලකට ඇතලත් කිරීමට නොහැකි වුනේ යැයි පවසා දරුවාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම.

:       9       5

Siri PereraMonday, 17 May 2021 04:14 PM

අස්ගිරිය කියන්නේ නගරයට පයින් යන දුර. අපිත් ගිහින් තියෙනවා. මිනුවන්ගොඩ වගේ තැන්වල ඉඳලා පාසල් සේවයේ එන ළමයි ඉන්නවා. ඒවා සාධාරණයිද?

:       0       0

ගමේ එකාලා Monday, 17 May 2021 09:19 AM

සමහර විදුහල්පතිනියෝ හිතාගෙන ඉන්නේ පාසැල් තමුන්ගේ බූදලේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site