IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට

(අමදෝරු අමරජිව)

කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදුන් බව කී අධ්‍යක්ෂවරයා නිවෙස් තුළ මියයන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව කියයි.

මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක්  හුදකලා කිරිමට තිරණය කල බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා පෙන්වා දුන්නේය.

 



අදහස් (4)

කොරෝනා ආසාදනය වී නිවෙස්වල මිය යන සිරුර රහසිගතව භූමිදානයට

මුණසිංහ Saturday, 15 May 2021 03:13 AM

මේක ප්‍රශ්නයක්? එයාලගෙ මරණ සහතිකය ගන්නේ කෙහොමද? ඉදිරි කාලයේ දී එයාල අතුරුදහන් කියල කියන්නද? මේ වැඩේ කරන අයට ලොකු නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි.

:       0       0

Nishan Saturday, 15 May 2021 03:42 AM

ඔව් එතකොට මැරිච්ච ගාන අඩුවෙන් පෙන්වන්න පුලුවන් නේ.

:       0       0

gamage Saturday, 15 May 2021 06:56 AM

හැමදාමත් කරේ ඕක තමයි. කොලේ වහලා ගේම් ගහලා අපි තමයි හොඳටම කළේ කියලා ජනතාව අන්දවනවා.

:       10       18

සෙනෙවිරත්න Saturday, 15 May 2021 12:35 PM

තියාගෙන කරවල වේලන්නද? කවුද හොයල බලන්නේ? මැරුණු අය හොයන්නේ ගෙවල්වල ඉන්න අසාධ්‍ය අය ගැන සොයන්න...

:       6       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 355 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site