
(රංජන් කස්තුරි)
කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි.
මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය කෂ්‍රෙත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. පිටරැටියන් ගෙන්වා නිරෝධායනය කොට කිව්වේ කෝවිඩ් බෝවෙනවාද කියා අත්හදා බැලීම් කරනා බවයි. ඒත්, එයා අද ජනතාව අමාරුවේ දමා හොර රහසේම රටින් පැන ගිහින්. රටේ මිනිසුන්ට ක්‍රියාත්මක වෙන පොදු නීතිය හෝ ඔහුට ක්‍රියාත්මක වීමක් නැහැ. ඒ ගැන හොයා කරුණු ඔප්පුකොට නිසි ක්‍රියාමාර්ගයන් ගැනීමට කොන්ද පණ ඇති විරුද්ධ පක්ෂ දේශපාලකයන් අද රටේ නැහැ. ඒ අය සිතන්නේත්, කුමක් හෝ අල්ලාගෙන තමන් බලයට එන ක්‍රමයක් ගැන විතරයි. රටකට ගිය කල... අනේ ... !!! අසරණ මිනිස්සු දුකේ ...
හැමදාම ඝෘණ දේවල් කතා නොකර එන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් විය යුතුයි. මහ ජනතාවට මේවා අහලා තිත්ත වෙලා තියෙන්නේ...
අපි තමයි හොඳටම කළේ... හොඳටම කෙරිල්ලේ තරම තමයි ඔය...
නිවෙස්වල 8,000 ක් ඉන්නවා කියන්නේ අති භයානකයි. ඒ අය නියාමනය වෙනවද? ඒ අයගෙන් පවුලේ යට බෝවීම වළක්වන්නේ කෙසේද? කළ නොහැක්කක් නොමැත... කියපු කට්ටිය මොකද මේ ලෙඩ්ඩු රෝහල් වලට ගන්නේ නැත්තේ?. සොඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දකින්න නැත්තේ ඇයි?. මේවගේ බලධාරියා එයා නේද?
කොරෝනා කියන්නේ කළින් තිබුණා. කැස්ස, උණ, හෙම්බිරිස්සාවට, නිව්මෝනියාවට ඔය ලෙඩවලට ගෙදර ඉඳලා තමයි එදත්, අදත් බෙහෙත් කළේ..., කොරෝනා කියලා නමක් දාගෙන මිනිස්සු කුදලන් ගිහිල්ලා ඉස්පිරිතාල වල දාලා බටහිර බෙහෙත් පොවනවා. අන්තිමට මැරුණාම කොරෝනා ලේබල් එක ගලවලා ආරක්ෂා වෙනවා. GMOA තමයි මේවට වගකියන්න ඕනෑ...
බලකායේ ප්‍රධානියා රටෙත් නැහැ. සාටක ගලවලා දමලා ඩෙනිමක් ගහගෙන ඇමෙරිකාවට පැනලා ගිහින්..
පුදුමයක් නෙමෙයි, කොරෝනා බෝවෙන කරමාන්තශාලා ඇරලා ඒවායේ සේවකයින් වැඩ.., හරියට මාස්ක් එකක්වත් දාන්නේ නැතිව සුලුවෙළෙන්දෝ ගෙයින්ගෙට ගිහින් කොරෝනා බෝකරනවා හතරවටේ..!!!