IMG-LOGO

‘නෞකාව මුහුදේ කොපමණ දුරට ගෙනයා හැකිදැයි කියන්න බැහැ‘

(යොහාන් භාසුර)

ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළේය.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට සහාය වීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටියි.

 

 



අදහස් (11)

‘නෞකාව මුහුදේ කොපමණ දුරට ගෙනයා හැකිදැයි කියන්න බැහැ‘

bandara Wednesday, 02 June 2021 05:39 AM

සියලු පරීක්ෂණ ඉවර කරන්න කලින් නැව ගිලුණොත් නැව ඇදගෙන යන්න කියපු අය වගකිවයුතු වෙනවා...

:       52       15

මරාWednesday, 02 June 2021 11:35 AM

සල්ලි ටික එකවුන්ට් එකට වැටෙනකං ඇදගෙන යමු..

:       12       8

Nuwan Wednesday, 02 June 2021 05:55 AM

සර් හැමදාම කළේ අශ්වයා පැනගිය පසු ඉස්තාලේ වැහීම සහ අතීසාරෙට අමුඩෙ ගැසීම... දැන් නැව ගිහිල්ලා හමාරයි.. ලංකාව ළඟම...!!!

:       39       44

Ajith Gamage Wednesday, 02 June 2021 06:26 AM

නැව ගිලෙන්න කලින් ඈත දියඹට ඇදගෙන යන්න මොළේ නැද්ද?.

:       20       51

Namal perera Wednesday, 02 June 2021 06:33 AM

ඕක අදින්න එපා ... ගිලෙනවා...

:       0       28

Kumara Wednesday, 02 June 2021 08:37 AM

පුළුවන් නම් මැදමුල්ලනට තල්ලු කරනවා නම් හොඳ නැද්ද?

:       0       22

සෙනෙවිරත්න Wednesday, 02 June 2021 08:39 AM

සර් කියනකම්ම හිටියනේ... දවස් කීපයක් අවස්ථාව දුන්නද? මම නම් කියන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන මෝඩ රටක් මේක...!!!

:       0       16

susantha Wednesday, 02 June 2021 08:59 AM

කළින් දවසේ උදේත් කිව්වා නේද? ඔය නැව ගිලෙන්නේ නැහැ කියලා. එකපාරටම හවස් වෙද්දී කොහොමද වෙනස් වුනේ? රක්ෂණ, කොමිස්මුදල් ලැබුණා වත්ද? මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි, ඕක තියෙන්නේ හරිම ළඟනේ. ඈත මුහුදට ගිහින් ගිලුණාමත් පරිසරය දූෂණය වෙනවනේ.. ලඟින් තිබ්බ එකේ ගිලෙන්නේ නැති තරම් දුරකට ඇදන් ඇවිත් ඔය නැව සුන්බුන් වලට වික්කා නම් හොඳ නැද්ද?

:       1       12

priyanthaWednesday, 02 June 2021 10:27 AM

එකත් රටට ඇදගෙන ඇවිල්ලා විකුණගෙන කන්ඩද කල්පනාව?

:       1       4

Rata Perata Wednesday, 02 June 2021 09:32 AM

පුළුවන් නම් මැදමුලන පැත්තට ඇදලා දාන්න.

:       0       15

hesa Friday, 04 June 2021 06:24 AM

මේ බහුතරයක් ප්‍රතිචාර මෝඩකමට කියන ඒවා නොවේ.. යටි සිතේ සතුට නොපෙන්නා පෙන්වීමක්..(ඒ දුෂ්ඨකම) රටට හිතවත් බවක්, රජයට සහයෝගය දක්වන්න ඕන බවක් මේ එකකින්වත් කියවෙන්නේ නෑ.. වසංගතය පැතිරෙන විටද සතුටකුත්, රෝගීන් ගණන අඩු වීමේදීත් බයකුත් ඇති වන කතා කියනවා සේ.. ඒ මොකද: ඉක්මණින් රඡය පරාජය පිළිගනීවි... කියලා.. කළයුත්තේ පුලුවන් නම්.. මහජනයාගේ මතය වෙනස් කිරීමයි.. ඉන්නවද එය කළ හැකි හපනෙක්..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site