(ඩයනා උදයංගනී)
රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කරයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර ඇති බව කී ඇමතිවරයා මේ සම්බන්ධ තීරණ රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනු බවද කීවේය.
ගිනිබත් වු නෞකාවට අදාලව කෙතරම් වන්දියක් ලැබුනත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකි බව කී අමාත්‍යවරයා එය ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව ද ප්‍රකාශ කළේය.
තෙල් කාන්දුවක් සිදුවුවහොත් දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය. නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවත් ජනාධිපතිවරයා පැවසූ බව ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.
නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව කී ඇමතිවරයා මෙම සිදුවීමට වගකිව යුතු සියලු දෙනාට දඩුවම් ලබා දිය යුතු යැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත... ඔබට ඒක තක්සේරු කරන්න බැරි ඔබ සා.පෙළ අසමත් නිසා... ඕක ගණනය කරන්න පුලුවන් මිනිස්සු ලෝකයේ ඉන්නවා.
එතකොට මේ නැව ඇදගනෙ යනවා කිව්වේ කාගනේවත් අනුමැතියක් නැතිවද
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත
ඔයා මොනවද දන්නේ අමරවීර..? අර නන්දසේනගෙන් අහන්න... විනාඩියකින් කියයි හානිය කීයද කියලා.. මට නම් හිතෙන්නේ මහදැනමුත්තා ආයෙත් ඉපදිලා කියලා.
අනෙ අම්මෝ .... පරසරය ගැන ඇමැතිතුමාගේ තියෙන දැනීම් සම්භාරය හා කැපවීම ගැන නම්,කියලා වැඩක් නැහැ.දැන් නම්,සද්දෙට කෑ මොර දෙන්න කට්ටිය ඉන්නවා වගෙයි පේන්නේ.දැන් කොච්චර බිරුවත්,සිදුවූ දේ වළකන්නට බැහැ.ගිය නුවණ ඇතුන් ලවා හෝ ඇද්දවීමට බැහැ.
"සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ" ඒ සල්ලි කොහොමද බෙදා ගන්නේ යන වගයි...
සේනාධිපතියා කිව්වද දන්නේ නැහැ ලංකාව ආසන්නයේ නතර කරන්න අපි ඕක නිවල දෙන්නම් කියලා... කොල්ලකරුවන් එක්ක හැප්පුණාට මට ඕකත් මහ කජ්ජක්ද කියලා..
ඔය හිතන තරම් හානියක් පරිසරයට තවම සිදුවෙලා නැත. මේවා ගිලෙන්නට කළින් දැන්වත් නැවේ තියෙන තෙල්ටික ඉවත් කරන්න බැරිද?
නියමයි ඇමැතිතුමා, ඔය කිව්වට පස්සේ තමයි අපි දන්නේ. ඔයා විපක්ෂයේද ඉන්නේ...?
ආණ්ඩුවේ පිලිවෙලක් නැති වැඩ නිසා රටට වූ හානිය තක්සේරු කරන්න පුලුවන්ද අපේ ඇමතිතුමෝ?
එහෙම කියලා විතරක් හරියනවද?
අපේ දරුවෙකුට වත මාලු කෑල්ලක් කන්න හම්බුවෙන එකක් නැහැ අවුරුද්ද කට විතර. මොන අපරාදයක්ඩ මේ... අපේ ජීවිත කාලයට නම් අහල නැහැ මෙහෙම රටට වෙච්චි විනාශයක්.වගකියන්ඩ කිසිම බලඩාරියෙක් වත් නැහැ.
ඕක එතරම් පාඩුවක් නොවේ.. තව රටේ සම්පත් තියෙනවා. ඒවත් විකුණලා රට දුවමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියූ රටකට වූ දෙයක්...!!!
ලංකාවේ වගකිවයුත්තෝ දන්නේ කොමිස් ගාන ගණන් හදන්න විතරයිනේ...!!!
ක්‍රමවත් ඇස්තමේන්තුවක් නැතිව වන්දි ගන්න බැහැ...