IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට වූ හානිය තක්සේරු කළ නොහැකියි‘‘

(ඩයනා උදයංගනී)

රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පැවැත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව ද ඇමතිවරයා සඳහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා සිදුව ඇති පරිසර හානිය සම්බන්ධව රජය උපරිම අවධානය යොමු කර ඇති බව කී ඇමතිවරයා මේ සම්බන්ධ තීරණ රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී එළැඹුනු බවද කීවේය.

ගිනිබත් වු නෞකාවට අදාලව කෙතරම් වන්දියක් ලැබුනත් සිදුව ඇති පරිසර හානියට කිසිසේත්ම හිළව් කළ නොහැකි බව කී අමාත්‍යවරයා එය ගිලී ගියහොත් සිදුවිය හැකි තෙල් කාන්දුව වළක්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව ද ප්‍රකාශ කළේය.

තෙල් කාන්දුවක් සිදුවුවහොත් දැවැන්ත පාරිසරික හානියකට මුහුණ පෑමට සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය. නැව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමේ දී විද්‍යාඥයින්ගේ මතයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, නැව ගැඹුරු මුහුදට ඇද ගෙනයාම ආදී පියවර ගත යුත්තේ ඒ අනුව බවත් ජනාධිපතිවරයා පැවසූ බව ඇමතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නැවතත් නැවක් ගිනි ගැනීමට ලක් වුවහොත් සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීම සඳහා තිබිය යුතු සියලු පහසුකම් හා උපකරණ ලබා ගැනීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.

නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ වන්දි ලබා ගැනීම නොව සිදුවිය හැකි පාරිසරික හානි වළක්වා ගැනීම බව කී ඇමතිවරයා මෙම සිදුවීමට වගකිව යුතු සියලු දෙනාට දඩුවම් ලබා දිය යුතු යැයිද සඳහන් කළේය.

 



අදහස් (15)

‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට වූ හානිය තක්සේරු කළ නොහැකියි‘‘

de silva Thursday, 03 June 2021 02:45 AM

සහතික ඇත්ත... ඔබට ඒක තක්සේරු කරන්න බැරි ඔබ සා.පෙළ අසමත් නිසා... ඕක ගණනය කරන්න පුලුවන් මිනිස්සු ලෝකයේ ඉන්නවා.

:       0       1

sunimal Thursday, 03 June 2021 05:03 AM

එතකොට මේ නැව ඇදගනෙ යනවා කිව්වේ කාගනේවත් අනුමැතියක් නැතිවද

:       0       33

Chris Thursday, 03 June 2021 05:36 AM

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත

:       8       14

Rata Perata Thursday, 03 June 2021 06:04 AM

ඔයා මොනවද දන්නේ අමරවීර..? අර නන්දසේනගෙන් අහන්න... විනාඩියකින් කියයි හානිය කීයද කියලා.. මට නම් හිතෙන්නේ මහදැනමුත්තා ආයෙත් ඉපදිලා කියලා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 06:04 AM

අනෙ අම්මෝ .... පරසරය ගැන ඇමැතිතුමාගේ තියෙන දැනීම් සම්භාරය හා කැපවීම ගැන නම්,කියලා වැඩක් නැහැ.දැන් නම්,සද්දෙට කෑ මොර දෙන්න කට්ටිය ඉන්නවා වගෙයි පේන්නේ.දැන් කොච්චර බිරුවත්,සිදුවූ දේ වළකන්නට බැහැ.ගිය නුවණ ඇතුන් ලවා හෝ ඇද්දවීමට බැහැ.

:       1       29

Krisantha Thursday, 03 June 2021 06:44 AM

"සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම පිළිබඳව ඇතැමුන් කතා කළත් වඩාත් වැදගත් වන්නේ" ඒ සල්ලි කොහොමද බෙදා ගන්නේ යන වගයි...

:       0       0

සනත් ඉතාලිය Thursday, 03 June 2021 07:11 AM

සේනාධිපතියා කිව්වද දන්නේ නැහැ ලංකාව ආසන්නයේ නතර කරන්න අපි ඕක නිවල දෙන්නම් කියලා... කොල්ලකරුවන් එක්ක හැප්පුණාට මට ඕකත් මහ කජ්ජක්ද කියලා..

:       0       0

Arju Thursday, 03 June 2021 08:11 AM

ඔය හිතන තරම් හානියක් පරිසරයට තවම සිදුවෙලා නැත. මේවා ගිලෙන්නට කළින් දැන්වත් නැවේ තියෙන තෙල්ටික ඉවත් කරන්න බැරිද?

:       0       0

fairoos Thursday, 03 June 2021 08:11 AM

නියමයි ඇමැතිතුමා, ඔය කිව්වට පස්සේ තමයි අපි දන්නේ. ඔයා විපක්ෂයේද ඉන්නේ...?

:       0       1

siri Thursday, 03 June 2021 08:35 AM

ආණ්ඩුවේ පිලිවෙලක් නැති වැඩ නිසා රටට වූ හානිය තක්සේරු කරන්න පුලුවන්ද අපේ ඇමතිතුමෝ?

:       0       12

ranj Thursday, 03 June 2021 09:21 AM

එහෙම කියලා විතරක් හරියනවද?

:       0       2

Sanka Thursday, 03 June 2021 09:51 AM

අපේ දරුවෙකුට වත මාලු කෑල්ලක් කන්න හම්බුවෙන එකක් නැහැ අවුරුද්ද කට විතර. මොන අපරාදයක්ඩ මේ... අපේ ජීවිත කාලයට නම් අහල නැහැ මෙහෙම රටට වෙච්චි විනාශයක්.වගකියන්ඩ කිසිම බලඩාරියෙක් වත් නැහැ.

:       1       15

sam Thursday, 03 June 2021 02:28 PM

ඕක එතරම් පාඩුවක් නොවේ.. තව රටේ සම්පත් තියෙනවා. ඒවත් විකුණලා රට දුවමු. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියූ රටකට වූ දෙයක්...!!!

:       0       3

gamage Friday, 04 June 2021 09:22 AM

ලංකාවේ වගකිවයුත්තෝ දන්නේ කොමිස් ගාන ගණන් හදන්න විතරයිනේ...!!!

:       0       15

L.G.P.Jathunarachchi. Saturday, 05 June 2021 03:22 AM

ක්‍රමවත් ඇස්තමේන්තුවක් නැතිව වන්දි ගන්න බැහැ...

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site