(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය
කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත් අතහැර දමා නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දියාව මුහුණ දී ඇති තත්වය නිසා එරට සමාගමෙන් අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම කළ නොහැකි වී ඇතැයි කී ජයසුමන මහතා ඉන්දියාවේ ප්‍රශ්නය අප තේරුම් ගෙන සිටින බවද පැවසුවේය .
මෙරට තවත් හය ලක්ෂයකට අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව දීමට ඇති බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය .
මේ අතර කොරෝනා එන්නත් මෙරටදී නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි මහාචාර්යවරයා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බහුතරයක්, එහි දෙවන මාත්‍රාව ලැබෙන තෙක් තවමත් බලා සිටී. නමුත් බලය සහ සවිය අතැති අයට එවැනි ප්‍රමාදයකට මුහුණදීමට සිදුව නැත.
ඇයි මහාචාර්යතුමෝ.. අර බාස් පැණිය පොවලා වැඩේ ශේප් වෙන්න බැරිද? තව හාදයෙක් සාදික්කා අඹරන්න මැෂින් එකකුත් දුන්නා වගේ මතකයි... පින් සිද්ද වෙයි.. දැන්වත් මිනිස්සු ගොනාට අන්දවන එක නවත්තලා තමන්ගේ නොහැකියාව පිළිගන්න...
ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සියලු දෙනාට.., ඇස්ට්‍රාසෙනකා එන්නත දෙවන එන්නත චීන එන්නත හෝ රුසියන් එන්නත හෝ ලබා නොදෙන්න.
නිසි කළමනාකරණයක් නැතිකම. මුට්ටි ගඟට දැම්මා. කාලිඅම්මාගේ පැණිය, රාවණා පැණිය පස්සේ ගියා මිසක් හරියට මොනවද කෙරුවේ...?
චීනාට ආවඩා ලෝකේ අනිත් රටවල් අමනාප කරගත්තා. දැන් මේ එන්නත විදගත් අපේ මිනිස්සුන්ට විදින්නේ කුමක්ද?
මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රජයයි. චන්න ජයසුමන සහ ලලිත් වීරතුංග, ඔබගේ නොහැකියාව ගැන තවත් තහවුරු කරන්න දෙයක් නැහැ. කරුණාකර ඉල්ලා අස්වෙන්න.
නිකන් දෙන්න කවුරුත් නැතිව ඇති.
අපි දැනගෙන හිටියා සර්ලා දාන දූස්රා පන්දු වලට අපි අවුට් වෙනවා කියලා... සර් අපිට නම් පිරරටදී සෞඛ්‍ය අංශ කියලා තියෙන්නේ දෙවන එන්නත අනිවාර්යෙන්ම දින 45ක් ඇතුළත ගතයුතුයි කියලා... ඇයි ඔය විද්‍යාගාර පරීක්ෂණ වාර්තා ලංකාවේ විතරක් වෙනස් වෙන්නේ...? සර් දැන් ඉන්න රටක් නොවෙයි අපිට ඕනෑ සර්... යන්න රටක් තමයි ඕනෑ ...
ධම්මික කපුවාගේ පැණිත්, රාජකීය වෛද්‍යවරයාගේ පැන් කලෙත් පස්සේ ගිය රාජ්‍ය පාලකයන්ගෙන් අපට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැත. මහාචාර්යවරයෙක්ට වඩා ගමේ සිල්ලර කඩ මුදලාලි කෙනෙක් අදාළ තනතුර දැරුවේ නම් ලක්ෂ 06ක ජනතාවට අවශේෂ මීයන්, ගෙම්බන් වීමට සිදුවෙන්නේ නැත. අද අපි දකින රාජ්‍ය නායකයා රාජ්‍ය පාලනයට ළදරුවෙකි. යමක් වගකීමෙන් සිදුනොවීම මේ ගැටළුවට හේතුවයි. දැන් පිට්ටනි සොයා නිදහසට කරුණු කීම උගතුන්ට තරම් නොවේ.
පාලකයින් පෙළ නොගැසිය යුතුයි..!!!
මහාචාර්ය චන්න ජයසුමන මහත්තයෝ, ඔබලා දැන් මාස ගණනාවක ඉදලා ලෝකේ රටවල් ගණනාවකින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලට ගන්න සාකච්ඡා පවත්වනවා.. ඒ සාකච්ඡා කරපු එක රටකින්වත් ඔබලාට එක එන්නතක් වත් දුන්නේ නැහැ. හැබැයි ඒ හැම රටකම ඇස්ට්‍රාසෙනිකා වැඩිපුර ගබඩා කර තිබෙනවා. ඉතින් එච්චර වැඩිපුර ගබඩා කර තිබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලංකාවට දුන්නේ නැත්තේ ඇයි..? මේ සියලුම රටවල් අප සමග මේ මොහොතේ අමනාප වෙලාද ඉන්නේ? චන්න ජයසුමන මහත්තයෝ ඔබම හිතලා බලන්න ඒ ඇයි කියලා...
එන්නත් භාවිතා නොකර ගොඩගසා ගෙන කොවැක්ස් වැඩසටහන විනාශ කර දැමූ මිනිස් ජීවිත ගැන නොතකා මානව හිමිකම් ගැන උපදෙස් දෙන සංවිධාන සහ රටවලට විරෝධය පළ කළ යුතුයි...
ඇස්ට්‍රාෙසනෙකා නොලැබෙන එක හොඳයි. යුරෝපයේ ගොඩක් දෙනෙක් අසනීප වුණා ඇස්ට්‍රාෙසනෙකා එකෙන්...
ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ.
ජපානෙට කතා කරන්න. ජපානෙ ඇස්‍ට්‍රාසෙනිකා දෙන එක නැවැත්තුවා. සයිඩ් එෆෙක්ට්ස් එකක් නිසා. තියෙන එන්නත් වෙන රටවල් වලට බෙදනවා. අද එන්නත් ලක්ශ 12.5ක් තායිවාන් වලට යවනවා. තව එන්නත් මිලියන 120ක් ඕඩර් කරපුවා තියෙනවා.
දැන් ඉන්දියාවෙන් 15.00$ක් දෙන්නම් කීවා නේද? ඒක ගන්න බැරිද?
දිලිත් ජයවීර ගෙන්නන්න පුළුවන් නම් ලියුමක් දෙන්න.
කලින් එන්නත් වෙන්කරගන්න ප්‍රමාද වීමේ මිල තමයි මේ ගෙවන්නේ.. දේශපාලකයින් එන්නත් දෙකම ගහගෙන මිනිස්සු මැරෙන්න දෙන එක හරිම වැරදියි. අපිත් ඡන්දේ දුන්නේ මේ ආණ්ඩුවට... නමුත් දැන් අපිත් එන්නත් නැතිව මර බයේ ඉන්නේ.. වටේම රෝගීන් සමහරු මැරෙනවා. හරිම කණගාටුයි.