IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සංචරණ සීමා 14 වැනිදා තෙක් දීර්ඝ කරයි

(සුජිත් හේවාජුලිගේ )

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසී ය.

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ.

රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.

 



අදහස් (14)

සංචරණ සීමා 14 වැනිදා තෙක් දීර්ඝ කරයි

Rata Perata Wednesday, 02 June 2021 11:43 AM

ඕක වෙනවා කියලා තාම තීරණයක් නෑ කිව්ව දවසේ අපි කිව්වේ.. ඕන මෝඩයෙක්ට පේනවා රටේ තියෙන භයානක තත්වේ. ඕකට අපේ සල්ලි කන ක්‍රියාන්විත මධ්‍යස්ථාන ඕනැ නැහැ. එන්නත් ටිකවත් ගෙන්න ගන්න බැරි නායකයෙක් අපේ රටේ ඉන්නේ කරුමෙට...

:       241       144

Aruna Wednesday, 02 June 2021 12:42 PM

අපි කැමැත්තෙන් සහයෝගය දෙනවා. එ්ත් අපි විතරනෙ ගෙදර ඉන්නේ. හැමෝම පාරේ. අැත්තටම අත්‍යාවශ්‍ය සේවා තෙරුම් අරන් අවසර දෙන්න. අපි විතරක් පිලි පැද්දට මෙකෙන් වැඩක් වෙන්නෑ. හැමෝම උනන්දුවෙන් මේක කරන්න ඕනෑ. එහෙම නොහිතන අය මට්ටු කිරීම රජය පැහැර අැරියොත් නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ...

:       3       154

asela Wednesday, 02 June 2021 12:44 PM

ඔය හින්දා තමයි යූ.එන්.පී. කාරයින් වීල්බැරෝ එකක් අරන් ගිහිල්ලා මාසෙටම බඩු ගෙනාවේ.. මේ ආණ්ඩුව කියන ඒවා සත 05කට විශ්වාස නැති නිසා..

:       86       65

fairoos Wednesday, 02 June 2021 12:48 PM

මෙහෙම සංචරණ සීමා පනවලා මේක අඩු කරන්න බැහැ. ආණ්ඩුවට තම නිසි වැඩපිළිවෙළක් නෑ වගේ...

:       74       50

Rohana Wednesday, 02 June 2021 01:13 PM

මේ යන රෝග ව්‍යාප්තිය බලනවිට මේ දීර්ඝ කිරීම සිදුවන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. සමහරවිට ජුනි 14 න් එහාටත් එහෙම වෙන්න පුළුවන්. දැන්නම් අපි ඉතාම සතුටින් සැපෙන් කල්ගෙවන්නෙමු.

:       6       53

දොලේවත්ත Wednesday, 02 June 2021 01:14 PM

කොරෝනාවට ඉස්සෙල්ලා බඩගින්නේ මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...

:       19       40

Ajantha Wednesday, 02 June 2021 01:22 PM

ඒක හොඳයි... හැබැයි අත්‍යාවශ්‍ය සේවා කියලා බොරුවට හැමෝම පාරෙ යන එකත් නවත්වන්න.

:       5       56

de silva Wednesday, 02 June 2021 01:45 PM

නිසි වෙලාවට එන්නත් ගෙන්වන්නේ නැතිව මුට්ටිගඟේ දැම්මා. පැණි බිව්වාම බොලාගේ සංචරණ සිමාව සහ 5000ත් තියාගන්න. දැන්වත් ඕක කරන්න බැරි සෞඛ්‍ය බලධාරියෝ අස්වෙලා ගෙදර යන්න.

:       35       37

Akbar Wednesday, 02 June 2021 02:47 PM

රට පාලනය කරන්නේ හමුදා නිලධාරීන් නිසා මේ අයට තැනක් නැහැ.

:       11       25

Siri Wednesday, 02 June 2021 03:44 PM

සර් අසමත්... ඉවත් වීම හොඳයි... අලුත් ඡන්දයක් තියන්න.

:       1       2

Sri Lanka Wednesday, 02 June 2021 05:13 PM

දැන්වත් මේ බොරුව අයින් කරලා රට අරින්න .

:       0       0

pakeer Wednesday, 02 June 2021 06:21 PM

අත්‍යාවශ්‍ය සේවා බලන්න තිබුණා..පාරට බැස්සා නම්. බොරු නෙමෙයි..

:       0       0

Sugath Friday, 04 June 2021 01:53 AM

අද වෙනකම් අගුලු දැමුවා කියා ලැබූ දියුණුව මොකක්ද?

:       0       2

hesa Friday, 04 June 2021 09:17 PM

පාස් වුණු කෙනෙක් ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site