(සුජිත් හේවාජුලිගේ )
රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසී ය.
රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ.
රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වෙනවා කියලා තාම තීරණයක් නෑ කිව්ව දවසේ අපි කිව්වේ.. ඕන මෝඩයෙක්ට පේනවා රටේ තියෙන භයානක තත්වේ. ඕකට අපේ සල්ලි කන ක්‍රියාන්විත මධ්‍යස්ථාන ඕනැ නැහැ. එන්නත් ටිකවත් ගෙන්න ගන්න බැරි නායකයෙක් අපේ රටේ ඉන්නේ කරුමෙට...
අපි කැමැත්තෙන් සහයෝගය දෙනවා. එ්ත් අපි විතරනෙ ගෙදර ඉන්නේ. හැමෝම පාරේ. අැත්තටම අත්‍යාවශ්‍ය සේවා තෙරුම් අරන් අවසර දෙන්න. අපි විතරක් පිලි පැද්දට මෙකෙන් වැඩක් වෙන්නෑ. හැමෝම උනන්දුවෙන් මේක කරන්න ඕනෑ. එහෙම නොහිතන අය මට්ටු කිරීම රජය පැහැර අැරියොත් නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ...
ඔය හින්දා තමයි යූ.එන්.පී. කාරයින් වීල්බැරෝ එකක් අරන් ගිහිල්ලා මාසෙටම බඩු ගෙනාවේ.. මේ ආණ්ඩුව කියන ඒවා සත 05කට විශ්වාස නැති නිසා..
මෙහෙම සංචරණ සීමා පනවලා මේක අඩු කරන්න බැහැ. ආණ්ඩුවට තම නිසි වැඩපිළිවෙළක් නෑ වගේ...
මේ යන රෝග ව්‍යාප්තිය බලනවිට මේ දීර්ඝ කිරීම සිදුවන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. සමහරවිට ජුනි 14 න් එහාටත් එහෙම වෙන්න පුළුවන්. දැන්නම් අපි ඉතාම සතුටින් සැපෙන් කල්ගෙවන්නෙමු.
කොරෝනාවට ඉස්සෙල්ලා බඩගින්නේ මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...
ඒක හොඳයි... හැබැයි අත්‍යාවශ්‍ය සේවා කියලා බොරුවට හැමෝම පාරෙ යන එකත් නවත්වන්න.
නිසි වෙලාවට එන්නත් ගෙන්වන්නේ නැතිව මුට්ටිගඟේ දැම්මා. පැණි බිව්වාම බොලාගේ සංචරණ සිමාව සහ 5000ත් තියාගන්න. දැන්වත් ඕක කරන්න බැරි සෞඛ්‍ය බලධාරියෝ අස්වෙලා ගෙදර යන්න.
රට පාලනය කරන්නේ හමුදා නිලධාරීන් නිසා මේ අයට තැනක් නැහැ.
සර් අසමත්... ඉවත් වීම හොඳයි... අලුත් ඡන්දයක් තියන්න.
දැන්වත් මේ බොරුව අයින් කරලා රට අරින්න .
අත්‍යාවශ්‍ය සේවා බලන්න තිබුණා..පාරට බැස්සා නම්. බොරු නෙමෙයි..
අද වෙනකම් අගුලු දැමුවා කියා ලැබූ දියුණුව මොකක්ද?
පාස් වුණු කෙනෙක් ඉන්නවද?