හෝර්ටන්තැන්නේ ගෝනකු මැරූ තුනකට දඩ
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.