පොද්දල නාවික සෙබළා ඇසුරු කළ 7 කට කොරෝනා නෑ වැලිසර නාවික හමුදා කඳවුරේ දී කොරෝනා වයිරසය ආසාදනය වූ පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පී. සී.ආර්. පරික්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත් වූ එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි. 6 years ago
පොලිස් සැරයන් හැප්පූ කොස්තාපල් රිමාන්ඩ් ජීප් රථයකින් මීගොඩ පොලිසියට පැමිණි පාදුක්ක පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු , මීගොඩ පොලිසියේ සැරයන්වරයෙකු හප්පා පලා යාමේදී දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලිසිය පැවසීය. 6 years ago
බලන්ගොඩ නාවික සෙබළාගේ පවුලේ පිරිසට කොරෝනා නෑ බලන්ගොඩ නෙල්ලිවල ප්‍රදේශයේ නාවික සෙබළාගේ බිරිඳ , දරුවා ඇතුලු පවුලේ ඥාතීන් 07 දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත. 6 years ago
මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට වෙසක් සතියේ මහජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ මත්පැන් මිලි ලීටර් 44,250 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලොන්නරුව,ජයන්තිපුර,තඹලවැව ඉස්මත්තේදී අද (07) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 6 years ago
බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් මරුට බිමත්ව පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වු ගැටමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසිය. 6 years ago
මහර බන්ධනාගාර නිලධාරීහු දෙදෙනා සුවය ලබා පිටව යති මහර බන්ධනාගාරයෙන් රැදවියන් පිරිසක් පැනයාම වැළැක්වීමේ දී තුවාල ලැබ රෝහල් ගත කළ මහර බන්ධනාගාර නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි මහර බන්ධනාගාරය සඳහන් කරයි. 6 years ago
බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට බෝර 12 ගිනි අවියක් සහ උන්ඩ 04 ක් තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් බෝගහගොඩ බැද්දෙගෙදරදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ විශේෂ බලකා කඳවුර කියයි. 6 years ago
බලන්ගොඩ මාරතැන්නේදි පුද්ගලයකු ඝාතනය කරලා බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර දමා ඇතැයි පින්නවල පොලිසිය අද (07) පැවැසිය. 6 years ago
තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි කරන්දෙනිය දිවියගහවෙලදී අද (6) සවස තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි. 6 years ago
බ්ලැක්පූල්’ පිහිනුම් තටාකයට වැටි සිසුවෙක් මරුට බදුල්ල ස්ප්‍රීන්වැලි තේ වත්ත මැද පිහිටි බ්ලැක්පූල් නැමැති ස්වාභාවික පිහිනුම් තටාකයේ ගිලී අද(06) සවස පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇත. 6 years ago
සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සූරියවැව ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්බද ප්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි. 6 years ago
බලපත් නොමැතිව මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළු වූ 6 දෙනකුට දඩ බලපත්‍රයක් නොමැතිව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුලූවී එහි වඳුරුමුල්ල ප්‍රදේශයේ නීති විරෝධි ලෙස රැඳී සිටි පුද්ගලයින් 06 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 90,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(06) නියෝග කළාය. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago