පරිසර දිනයට සමගාමීව වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍ර කිරීම මූලික කරගෙන සංවිධානය කර තිබුණු අතර ඒ අනුව ගාල්ල උණවටුන “ජංගල් බිච්“ සිට ගිංතොට පාලම දක්වා වෙරළ තිරය පවිත්‍ර කිරීම අද (05) සිදුකෙරිණි. 05 June 2018
මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට ගිය කාන්තාවක් බේරා ගනි හලාවතදී මුහුදට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවක්ව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (05) ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 05 June 2018
වැල්ලවාය නගර වැසියෝ විරෝධයක ලෝක පරිසර දිනය යෙදී තිබු අද (5) දිනයේ වැල්ලවාය නගරයේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා වැල්ලවාය නගරයේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව හා ත්‍රිරෝද රථ සංගමය එක්ව වැල්ලවාය නගරයේදී විරෝධතාවක නියැලුණහ. 05 June 2018
සුරියවැව ටිපර් රථ අනතුරකින් කාන්තාවක් මරුට සුරියවැව මොරකැටිය පාරේ වීරියගම ප්‍රදේශයේ දී අද (5) පෙරවරු 9.30ට පමණ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිය පැදවු කාන්තාව මිය ගිය බව සුරියවැව පොලිසිය පවසයි. 05 June 2018
ආඩිගම- මදවක්කුලම මාර්ගයේ ගමනාගමනයට බාධා රතඹලාඔය පිටාර ගලායාම හේතුවෙන් ආඩිගම - මදවක්කුලම මාර්ගයේ ස්ථාන කීපයකට හානි වී ගමනාගමන කටයුතු වලට බාධා සිදුවී තිබේ. 05 June 2018
මතුගම පොදු වෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව සම්මතයි 2019 වර්ෂයේ සිට මතුගම පොදුවෙළඳපොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව වැඩි ඡන්ද 22 කින් සම්මත විය. 05 June 2018
සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි වවුනියාව සේමමඩු රක්ෂිතයේ නීතිවිරෝධි අයුරින් බුරුත දැව කපා ප්‍රවාහනය කළ කැබ් රථයක් අද (5) වවුනියාව,නොච්චිමොටෙයි, සින්නකුලම ප්‍රදේශයේදී වවුනියාව ඕමන්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 June 2018
කෙසෙල් වගාවේ ගංජා වැවු අඹූසැමි යුවලක් අත්අඩංගුවට අඹුසැමි යුවළක් වගා බිමේ අතහැර දමා තිබූ කෙසල් වගාව අතර රහසිගතව අක්කර කාලක පමණ ප්‍රමාණයක ගංජා වගාවක් සිදු කරමින් සිටියදී අම්බලන්තොට පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගංජා වගාව සිදු කළ අඹුසැමි යුවළ අත්අඩංගුවට ගනු ලැබීය. 05 June 2018
ලිපිකරුත් - කාර්ය සහායකයාත් නිදොස්කොට නිදහස් ව්‍යාජ විස්තර සහිත අදායම් සහතිකයක් සකස් කළ බවට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකරුවෙකු සහ කාර්යාල කාර්ය සහයකයෙකු එම චෝදනාවෙන් නිදොස්කර නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 05 June 2018
එළ හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධීව එළහරක් 5 ක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ට්‍රක් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කතළුවේදී අද (5) උදෑසන අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය කියයි. 05 June 2018
දුම්වැටි සමඟ රේගුවේදී ලාංකිකයෙක් දැලේ ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබිණි. 05 June 2018
ත්‍රි‘මලේ නිදැල්ලේ සැරිසරන මුවන්ට උද්‍යානයක් ත්‍රිකුණාමලය නගරයේ නිදැල්ලේ සැරිසරන මුවන්ට වන අනතුරු වලින් එම සතුන් රැකගැනීම සඳහා උද්‍යානයක් ඉදිකරන බව ත්‍රිකුණාමලය නගරාධිපති නාගරාසා රාසනායගම් මහතා පැවසීය. 05 June 2018
මුලතිව් මදවාලසිංහම් වැවේ තරුණයෙකුගේ සිරුරක් මුලතිව් මුල්ලියාවලෙයි මදවාලසිංහම් වැවේ පාවෙමින් තිබූ තරුණයෙකුගෙ මළ සිරුරක් සොයා ගත් බවට මුලතිව් පොලීසිය පවසයි. 05 June 2018
වවුනියාව යුද හමුදා ජිප් රථයක් අනතුරක වව්නියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් බරපතල තත්වයේ සිටි විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා රියදුරු අද (5) අලුයම වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහල වෙතට මාරු කර යැවූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි. 05 June 2018
හලාවත දේවාලයක් හොරු බිඳලා හලාවත මුත්තු මාරි අම්මාන් කොවිල බිඳ එහි දේව ප්‍රතිමාවට පළදවා තිබූ රන් ආභරණ සහ පිං පෙට්ටිය සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 05 June 2018
නීති විරෝධී මත් පෙති තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට නීති විරෝධී මත් පෙති 190 ක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (04) පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 04 June 2018
තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක ප්‍රපාතයකට පෙරලෙයි වටගොඩ සිට තලවකැලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 25ක් පමණ ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදුවී ඇති බව තලවකැලේ පොලිසිය කියයි. 04 June 2018
නැ’හිර පළාත් ගුරු සේවා සංගමයෙන් චෝදනාවක් මෙරට සමස්ථ ජාතික පාසල් 352 අතරින් පාසල් 260කටම පත්කර ඇත්තේ විදුහල්පතිවරුන් නොව වැඩබලන විදුහල්පතිවරුන් බව නැගෙනහිර පළාත් ගුරුසේවා සංගමය චෝදනා කර සිටීයි 04 June 2018
පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් අ’පුර සතිපොළෙන් අනුරාධපුර මහජන පොලේ අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් තොගයක් අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 04 June 2018
පෝද්දල අනතුරකින් යතුරුපැදිකරු මරුට පෝද්දල පොලිස් වසමේ හිරිගල්කැටිය මීගහවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ 29 හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොද්දල පොලිසිය පවසයි. 04 June 2018
රිදීමාලියද්ද මාර්ගයේ නවතා තිබු බැංකෝ යන්ත්‍රයකට ගිනි තියයි මහියංගණය රිදීමාලියද්ද කුඩාලූණුක ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ බැකෝ යන්ත්‍රයකට කිසියම් පිරිසක් විසින් අද (4) අලුයම් කාලයේ ගිනි තබා ඇතැයි රිදීමාලියද්ද පොලීසිය පවසයි. 04 June 2018
ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයකු අතුරුදන් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 04 June 2018
ඇසිඩ් ගසා වසර 13 ක් සැඟවී සිටි කාන්තාවක් අත්අඩංගුවට අසල්වැසියෙකුට ඇසිඩ් ගසා තුවාල සිදු කොට දහතුන් වසරක් තිස්සේ සැගවී සිටි හැට හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 04 June 2018
ගම්පහ ගෙවත්තක අඩි 15 ක පිඹුරෙක් ගම්පහ ඉදිගොල්ල ප්‍රදේශයේ ගෙවත්තක සිටි විශාල ප්‍රමාණයේ පිඹුරෙකු අල්ලා වනජීවී කාර්යාලය වෙත බාරදීමට ගම්වාසින් පියවර ගෙන තිබේ. 04 June 2018
බිදී ගිය දූව බැම්ම අමුණ ගොවීහූ පිළිසකර කරති ගංවතුර හේතුවෙන් බිදී ගිය නාත්තන්ඩිය - යක්දෙස්සාවේ පිහිටි “දූව බැම්ම” අමුණ තාවකාලිකව නැවත ඉදිකිරීමට ප්‍රදේශයේ ගොවීන් කටයුතු කර අැත. 04 June 2018
විදේශීය මත්පැන් තොගයක් රුසියන් ජාතිකයෙකුගේ හෝටලයක දී අත් අඩංගුවට රුසියාන් ජාතියෙකුට අයත් හුංගම කළමැටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනය තිබී විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදනය කරනු ලැබූ මත්පැන් තොගය ක් ඊයේ (03)රාත්‍රී අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 04 June 2018
අලි මිනිස් ගැටුම් අවම කිරීමට පියවර ගන්නවා - ඇමැති ෆොන්සේකා අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික වනෝද්‍යාන තුල දැනට සිදු කෙරෙන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශයන් මැඩලීම සඳහා නොපමාව පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (03) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. 03 June 2018
බසය පාරෙන් ඉවතට පනී - රියදුරා පැන යයි පුත්තලම-අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 11 කණුව ප්‍රදේශයේ දී පුද්ගලික බස්රථයක් අද පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි. 03 June 2018
කාන්තාවක් ඇළට වැටී මරුට අඟුණකොළපෑලැස්ස මැදආරේ දී අද (3) දහවල් 67 හැවිරිදි කාන්තාවක් නිවස ඉදිරිපිට ඇති ඇළකට වැටී දියේ ගිලීමෙන් මරණයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. 03 June 2018
ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ ඉතා රහසිගතව වගා කර තිබූ ගංජා හේනක් අද (03) වැටලූ කොස්ලන්ද පොලීසිය ගංජා ගස් නවසියයක් සමඟ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 03 June 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025