(සුමතිපාල දීයගහගේ )
අසල්වැසියෙකුට ඇසිඩ් ගසා තුවාල සිදු කොට දහතුන් වසරක් තිස්සේ සැගවී සිටි හැට හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
තුවාලකරු සහ සැකකාරියද හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සුනාමියෙන් පසුව ආධාර වශයෙන් ලැබුණ පරිප්පු සහ පිටි තොගයක් විකිණීම සම්බන්ධයෙන් තුවාල ලැබු පුද්ගලයා සහ සැකකාරිය අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් 2005 මැයි මස 5 වන දින සැකකාරියගේ නිවස අසලදී ඇය සැගවී සිට මොහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලිස් පරික්ෂණවලදී
අනාවරණයවී ඇත.
ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව සැකකාරිය ගමෙන් පලා ගොස් ඥාතීන්ගේ නිවෙස්වල සිට වරින්වර හික්කඩුව කලුපෙ පිහිටි නිවසට පැමිණ දරුවන් පිළිබද සොයා බලා ආපසු ගොස් තිබේ.
මේ අතර පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකාරිය එසේ නිවසට පැමිණ සිටින විට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද (4) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ලොව යන්නේ මරණින් පස්සේ, පින් පව් එනවා අපි පසු පස්සේ...