සිරංගිකා ලොකුකරවිට
ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන වෙරළ පවිත්‍ර කිරීම මූලික කරගෙන සංවිධානය කර තිබුණු අතර ඒ අනුව ගාල්ල උණවටුන “ජංගල් බිච්“ සිට ගිංතොට පාලම දක්වා වෙරළ තිරය පවිත්‍ර කිරීම අද (05) සිදුකෙරිණි.
දිස්ත්‍රික් පරිසර කමිටුව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ගාල්ල අධිවේගි පිවිසුම අසලදි පැවැත්විනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂන දෙපර්තමෙන්තුව , සමුද්‍රිය පරිසර ආරක්ෂන අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රි ලංකා නාවුක හමුදාව, ශ්‍රි ලංකා යුධ හමුදාව.ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා පොලිසිය, වනජීවි දෙපාර්තමෙන්තුව,වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සහ පළාත් පාලන ආයතන රැසක් මේ සඳහා සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd