IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වවුනියාව යුද හමුදා ජිප් රථයක් අනතුරක

                         
 
(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් බරපතල තත්වයේ සිටි විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා රියදුරු අද (5) අලුයම වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහරෝහල වෙතට මාරු කර යැවූ බවට ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි.


ඉරට්ටපෙරියකුලම් මන්සන්ධියේ දී  ඒ-9 මාර්ගයේ  පාපැදියකින් කුඩා ළමුන් දෙදෙනෙකු ගමන් කරමින් සිටියදී පිටුපසින් යුද හමුදා ජිප් රථයක් පැමිණ ඇති අතර එහිදී ජිප් රථයට යටවීමට ගිය ළමුන් බේරා ගැනීමට ජිප් රථයේ රියදුරු උත්සහ කිරීමේදී ජිප් රථය පෙරලී ගොස් ගසක වැදී ඇති අතරම ජිප් රථය පෙරලී යන අවස්ථාවේදී ළමුන් දෙදෙනා ගමන්ගත් පාපැදියේ කොටසක් වැදීමෙන් ළමයි දෙදෙනා සුළු තුවාල ලබා වව්නායාව මහරෝහලට ඇතුලත් කර ඇත.


අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් විශේෂ බළකායේ බලසේනා මේජර්වරයකු හා රියදුරෙකු වූ අතර පළමුව ඔවුන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා අනුරාධපුර මහරෝහලට පිටත් කර යැවූ බවට පරික්ෂණ සිදු කරන ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.


 



අදහස් (0)

වවුනියාව යුද හමුදා ජිප් රථයක් අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site