ටිපර් -යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට වැලි ටිපරයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මොරගහකන්ද ජලාශ වැඩ භූමිය ආසන්නයේදී අද (8) සවස සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 08 June 2018
කොළඹ මහ නගර සභාවේ අනියම් සේවකයින් 425 කට ස්තීර පත්වීම් කොළඹ මහා නගර සභාවේ සේවයේ නියුක්තව සිටි අනියම් සේවකයින් 425 ක් ස්ථිර සේවයේ පිහිටුවමින් පත්වීම් ලිපි ප්‍රධානය කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 08 June 2018
සුරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළැයි විරෝධතාවක් දේශපාලන හේතූන් මත සුරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට හදිසියේ මඩකලපුව ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා දිමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ජනතාව හා මහ සඟරුවනේ මැදිහත්වීමෙන් අද (08) පෙරවරුවේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. 08 June 2018
පොරොන්දු වු සහන නොදීමෙන් මොරගහකන්ද වැසියෝ අසීරුතාවක මොරගහකන්ද ජලාශය සිය ගම්බිම් ඉඩකඩම් දේපළ ලබාදී නැවත පදිංචියට පැමිණි ජනතාවට පොරොන්දු වූ සහන ලබා නොදීම නිසා ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී. 08 June 2018
බසයක ගැටී සිවිල් ආරක්ෂක භටයා මිය යයි දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අලුයම බස් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 08 June 2018
ගිනි අවියක් ගෙන තලාතුඔය සැරිසැරූ තිදෙනෙක් අත්අඩංගුවට ගිනි අවියක් සහිතව කාරයක නැග තලාතුඔය ප්‍රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (8) අලුයම තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2018
රන්මිනිතැන්න ටෙලි සිනමා ගමෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ජම්බුගස්වැව, ආසන්නයේ ඇති ප්‍රධාන මාර්ගය අසල ලඳු කැලෑ ප්‍රදේශයක තිබී දිරාගිය මෘත ශරීරයක කොටස් අද (7) හමුවී තිබේ. 07 June 2018
බඹර ප්‍රහාරයකින් වතුකම්කරුවෝ 20ක් රෝහලේ හපුතලේ තංගමලේ වතුයායේ ගල්ලැයිම කොටසේ දලූ නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට අද (07) දහවල් 11.00 ට පමණ බඹරු ඇනීම නිසා වතුකම්කරුවන් විසි දෙදෙනෙකු බරපතල අසාධ්‍ය තත්වයෙන් හපුතලේ සහ දියතලාව රෝහල්වලට ඇතුළු කර ඇතයි හපුතලේ පොලීසිය පවසයි. 07 June 2018
විදුලි සැර වැදී වන අලියෙක් මිය ගිහින් ආණමඩුව සියඹලා ගස් හේන ප්‍රදේශයයේ වන අලියකු මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පැවසීය . 07 June 2018
අපුර නුවර වැව ආසන්නයේ නාඳුනන මළ සිරුක් නුවරවැවේ මැද සොරොව්ව ආසන්නයේ තිබු නාදුනන මළ සිරුරක් (07) පෙරවරුවේදි සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 07 June 2018
ලොකු ලූණු ගොවීන් රවටා මුදල් ගරන ජාවාරමක් ගලේවෙල දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන් රවටා ලොකු ලූනු අස්වැන්න රැගෙන ගිය ව්‍යාපාරිකයෙකු වසරක් ගත වී ඇතත් තවමත් ගොවීන්ට එම මුදල් ලබා නොදීම නිසා මෙවර ලොකු ලූනු වගා කිරීමට නොහැකිව ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 07 June 2018
කහ ඉර මතින් පාර මාරු වු සිසුවිය ලොරියක ගැටී රෝහලේ ගිනිගත්හේනේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයකට කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් සිසුවියක් ගැටීමෙන් අද (07) උදෑසන සිදු වු අනතුරකින් තුවාල ලැබු පාසල් සිසුවිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. 07 June 2018
හැටන් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බසයක් අනතුරක හැටන් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලකට පාසල් ළමුන් ප්‍රවහනය කළ බස් රථයක් අද (07) උදෑසන අනතුරට පත් වි ඇති බව හැටන් පොලිසිය කියයි. 07 June 2018
මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදී සිටි 5 ක් අත්අඩංගුවට නවගත්තේගම පොලිස් වසමට අයත් කැලේවැව මීඔය අයිනේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන පුද්ගලයන් පස්දෙනෙකු රුපියල් පහළොස් දහස් එකසියයක මුදලක්, බූරුකුට්ටමක් හා පැදුරක් ද සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 07 June 2018
වල් අලියෙකු පහරදීමෙන් කොස්ලන්දේදී පුද්ගලයෙකු මරුට කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ කැලෑවක් අසල තිබී වල් අලියෙකු පහරදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 06 June 2018
විදුහල්පති මාරු කිරිමට එරෙහිව අකුරැස්සේ විරෝධයක් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අක්මීමන පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ විදුහල්පතිවරයා හපුගල මහාවිද්‍යාලයට මාරුකිරිමට විරෝධය පල කරමින් එම පාසලේ දෙමාපියන් හා ආදි සිසුන් පිරිසක් අද (6) ගාල්ල අකුරැස්ස මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. 06 June 2018
රැකියා විරහිත නැගෙනහිර ස්වෙච්ඡා ගුරුවරු-උපාධිධාරීහු වීදී බසිති ලිඛිත හා සම්මුඛ පරික්ෂණවලින් සමත් වි ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කළද මෙතෙක් පත්විම් ලබාදිමට බලධාරින් කටයුතු නොකිරිමට එරෙහිව නැගෙනහිර පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් හා නැගෙනහිර පලාතේ උපාධිධාරින් අද (06) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක් එකවර පැවැත්වුහ. 06 June 2018
කන්දකැටිය ගොවීන්ට පැරෂුට් වී වගාව හඳුන්වා දෙයි ජාතික ආහාර නිෂ්පාදිත වැඩසටහනට සමගාමීව කන්දකැටිය ගොවිජන සේවා බල ප්‍රදේශ තුළ නව වී වගා ක්‍රමයක් වන පැරෂූට් ක්‍රමය ව්‍යාප්ත කිරීමට ඌව පළාත් කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 06 June 2018
විදේශිකයන් රැගෙන ගිය වෑන් රථයක් අනතුරක විදේශීකයින් දෙදෙනෙකු කල්පිටියේ සිට කටුනායක දක්වා රැගෙන යමින් තිබූ වෑන් රථයක් නාත්තන්ඩිය ප්‍රදේශයේ දී අනතුරට පත්ව ඇත. 06 June 2018
ගෙයක බිත්තියක් කඩා වැටී සිසුන් දෙන්නෙක් රෝහලේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ළිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර තිබු තාවකාලික මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ළිදුල පොලිසිය කියයි. 06 June 2018
පැන ගිය සිරකරු වසර 15 කට පසු අත් අඩංගුවට මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වී සිර දඩුවම් විදිමින් සිටියදී තංගල්ල බන්ධනාගාරයෙන් පැන ගොස් වසර 15 ක් සැගව සිටි අයෙකු වලස්මුල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් මාවනැල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලීසිය පවසයි. 06 June 2018
වැටුප නිසි අයුරින් නොගෙව්වා යැයි ජේසීබී යන්ත්‍රයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට කොට්ටාව නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක සේවයට පැමිණ පුද්ගලයෙකුට ලබා දීමට පොරොන්දු වූ මාසික වැටුප නිසායාකාරව ලබා නොදීම හේතුවෙන් එම ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් ජේ සී බී යන්ත්‍රයක් සොරා ගෙන ගිය පුද්ගලයෙකු මාතර අකුරැස්ස ප්‍රදේශයේදී අදාල යන්ත්‍රය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 06 June 2018
සංචාරක හෝටලය හැදීමෙන් වැව් තාවුල්ල අහිමි වේවිලු දඹුල්ල හා සීගිරිය නගර වලට මායිම්ව පිහිටා ඇති ඉනාමළුව රත්මල්කටුව වැව ඉස්මත්තේ වැව් තාවුල්ලේ සංචාරක හෝටල් ඉදිකිරීම නිසා වැව් රක්ෂිතය අහිමි වී ඇතැයි ජනතාව චෝදනා කරති. 06 June 2018
අකුරැස්සේ පොලිසියට තර්ජනය කළ දෙදෙනෙක් රිමාන්ඩ් අකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ දී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට තර්ජනය කර පලා යන අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය. 06 June 2018
වෙන්නප්පුව පාපැදි ගාල්කරුට පහර දුන් මන්ත්‍රී අත්අඩංගුවට වෙන්නප්පුව සතිපොළේ යතුරුපැදි හා පාපැදි නවතන ස්ථානය ටෙන්ඩර් මගින් ලබාගෙන පවත්වාගෙන ගිය දෙදෙනෙකුට ඉකුත් සඳුදා රාත්‍රීයේ හා උදෑසන තර්ජනය කර පහර දී පලා ගොස් සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 06 June 2018
යාලේ මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට යාල ජාතික වනෝද්‍යානය තුළ මැණික් ගැරීමේ නිරත වී සිටි පුද්ගලයින් 7 දෙනෙකු යාල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 06 June 2018
මැදිරිගිරියේ අලි පහරදීමකින් යතුරුපැදිකරුවෙක් මරුට මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ සේවය නිමවා යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම හේතුවෙන් මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 06 June 2018
සරසවි සිසුන්ට නව දැනුම කියා දෙන්න සම්මන්ත්‍රණයක් විදුලි ක්ෂේත්රයට අදාලව නව තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සිසුන්ට අවබෝධයක් ලැබීම උදෙසා වැඩසටහනයක් ලබන 23 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 05 June 2018
කෝවිලේ පිළිමය සොයා දෙන්නැයි ඉල්ලා වතු කම්කරුවෝ වැඩ වරති හේවාහැට - හෝප්වත්ත ශ්‍රී රාමන්කෝවිලේ තිබූ වසර 91ක් පමණ පැරණි රාම පිළිරුව ඊයේ (4) කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ගොස් තිබේ. 05 June 2018
ජගත් පරිසර දිනයට උතුරේ පැළ 6000 ක් සිටුවති ලෝක පරිසර දිනය නිමිත්තෙන් උතුරු පළාතේ යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැල සිටුවීමේ වැඩසටහන් මාලාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) යාපනය පන්නෙයි බලකොටුව අසලින් ආරම්භ විය. 05 June 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025