ඩබ් ඒ පියතිලක
මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ සේවය නිමවා යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම හේතුවෙන් මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මැදිරිගිරියේ මහවැලි කලාපයේ ඉදිවෙමින් පවතින බිසෝපුර නව ගම්මානයේ ට‍්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි අංක 54/10 බිසොඩංඩාරගම මැදිරිගිරිය යන ලිපිනයේ පදිංචි පිල්ලගොඩගෙදර සරත් නන්දසිරි (39 ) යන විවාහක අයෙකි.
මෙම පුද්ගලයා මැදිරිගිරිය නව ගම්මානයේ පෞද්ගලික ආයතනයක ට‍්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට සේවය නිමවා රාත‍්‍රීයේම නිවස බලා ගමන් කරමින් සිටියදී ඉදිවෙන ගම්මානයට අසන්න ස්ථානයකදී මෙසේ වන අලි ප‍්‍රහාරයට ලක්වී තිබේ.
මෙම පුද්ගලයාට පහරදීමෙන් පසු එම ස්ථානය ළඟාවිය නොහැකි තත්වයක් තිබු බවත් පසුව විශේෂ මෙහෙයුමක් සිදුකර අලි පන්නා දමා තුවාල කර මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළු කිරිමෙන් මියගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd