ඩබ් ඒ පියතිලක
මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ සේවය නිමවා යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටි පුද්ගලයකුට වන අලියකු පහරදීම හේතුවෙන් මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මැදිරිගිරියේ මහවැලි කලාපයේ ඉදිවෙමින් පවතින බිසෝපුර නව ගම්මානයේ ට‍්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි අංක 54/10 බිසොඩංඩාරගම මැදිරිගිරිය යන ලිපිනයේ පදිංචි පිල්ලගොඩගෙදර සරත් නන්දසිරි (39 ) යන විවාහක අයෙකි.
මෙම පුද්ගලයා මැදිරිගිරිය නව ගම්මානයේ පෞද්ගලික ආයතනයක ට‍්‍රැක්ටර් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිට සේවය නිමවා රාත‍්‍රීයේම නිවස බලා ගමන් කරමින් සිටියදී ඉදිවෙන ගම්මානයට අසන්න ස්ථානයකදී මෙසේ වන අලි ප‍්‍රහාරයට ලක්වී තිබේ.
මෙම පුද්ගලයාට පහරදීමෙන් පසු එම ස්ථානය ළඟාවිය නොහැකි තත්වයක් තිබු බවත් පසුව විශේෂ මෙහෙයුමක් සිදුකර අලි පන්නා දමා තුවාල කර මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළු කිරිමෙන් මියගොස් ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදිරිගිරියේ අලි පහරදීමකින් යතුරුපැදිකරුවෙක් මරුට