IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බසයක ගැටී සිවිල් ආරක්ෂක භටයා මිය යයි


(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අලුයම බස් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයෙකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.


මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචි කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සේවයේ නියුතු  ඩබ්ලිව්.ජි.තිලකසිරි (32) අවිවාහක අයෙකු බව පොලිසිය කියයි.


කල්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ සිට නිවාඩු ලබා දඹුල්ලට පැමිණ අලුයම කාලයේ බස් නැවතුම් පොළේ සිට  රත්මල්ගහඇල   සිය   ගමට පා ගමනින් යන අතරතුරදී  මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක   ඉදිරිපස ප්‍රදේශයේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා   පොලිස් නිලධාරීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.


දඹුල්ල රෝහලේ ප්‍රතිකාර සිදු කරමින්  තිබියදී  අලුයම 5.30 ට පමණ බරපතළ තුවාල තත්ත්වයේ සිටි ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


රිය අනතුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්වෙන අතර බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව  දඹුල්ල  පොලිසිය කියයි.



අදහස් (0)

බසයක ගැටී සිවිල් ආරක්ෂක භටයා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site