IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රැකියා විරහිත නැගෙනහිර ස්වෙච්ඡා ගුරුවරු-උපාධිධාරීහු වීදී බසිති

(අමදෝරු අමරජීව )

ලිඛිත හා සම්මුඛ පරික්ෂණවලින් සමත් වි ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කළද මෙතෙක් පත්විම් ලබාදිමට බලධාරින්  කටයුතු නොකිරිමට එරෙහිව නැගෙනහිර පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් හා නැගෙනහිර පලාතේ උපාධිධාරින්  අද (06) ත්‍රිකුණාමලයේ පිහිටි  ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක් එකවර පැවැත්වුහ.

පත්විම් අපේක්ෂාවෙන් සිටින ස්වේච්ඡා ගුරුවරු පවසන්නේ 2007 දෙසැම්බර් 01 දාට පෙර ස්වේච්ඡා ඉගැන්විම් පදනම් කරගෙන සේවය ස්ථීර කිරිම සදහා සම්මුඛ  පරික්ෂණ පවත්වා  ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කර ඇතත් මෙතෙක් පත්විම් නොලැබුණු බව ඔවුහු පවසා සිටියහ.

උපාධිධාරින් පවසන්නේ නැගෙනහිර පලාත් රාජ්‍ය සේවයේ  ගුරු සේවයට ලිඛිත හා සම්මුඛ  පරික්ෂණ පවත්වා ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනයට පමණක් සීමා වි ඇති බවය.මෙම දෙපාර්ශවයේ උද්ඝෝෂණය ප්‍රධාන දොරටුව දෙපස සිදුකරද්දි පොලිසිය ආණ්ඩුකාර කාර්යාලයේ දොරටු වසා දැඩි  මුරකාවල් යෙදිමට පියවර ගනු ලැබිය.

උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා කාර්යාලයේ නොසිටි අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතාගෙන් විමසිමක් කළේය.

‘මේ අය පිටත උද්ඝෝෂණයක් තියනවා. ඔවුන්ගේ ඉල්ලිම්  මොනවාද කියලා මට දැනුම් දිලා නැහැ.ඒ ඉල්ලිම් මොනවාද කියලා මට දැනුම් දුන්නොත් පිළිතුරක් දිය හැකි යැයි  ආණ්ඩුකාර ලේකම්වරයා කීය.

අනතුරුව ආණ්ඩුකාර ලේකම් සමග සාකච්ඡා කිරිම සදහා කණ්ඩායම් දෙකෙන්ම පස්දෙනා බැගින් ආණ්ඩුකාර කාර්යාලයට කැඳවිමකට අනුව එහි ගියහ.



අදහස් (0)

රැකියා විරහිත නැගෙනහිර ස්වෙච්ඡා ගුරුවරු-උපාධිධාරීහු වීදී බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site