IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොකු ලූණු ගොවීන් රවටා මුදල් ගරන ජාවාරමක්


(කාංචන කුමාර ආරියදාස)


ගලේවෙල දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශවල ගොවීන් රවටා ලොකු ලූනු අස්වැන්න  රැගෙන ගිය ව්‍යාපාරිකයෙකු වසරක් ගත වී ඇතත් තවමත් ගොවීන්ට එම මුදල් ලබා නොදීම නිසා මෙවර ලොකු ලූනු වගා කිරීමට නොහැකිව ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.


ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ ලොකුලූනු මිළ දී ගන්නා බව  කියන  ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය කන්නයේ ලොකු ලූනු අස්වැන්න කිලෝවක් රුපියල්100,90, 80,ආදී මිලක් තක්සේරු කර මුදල් ලබාදෙන බව පවසා ගොවින් රවටා එක ගොවියකුගෙන් ලුණු කිලෝ 3000 බැගින් රැගෙන ගොස් මෙතෙක්  මුදල් ලබානොදී සිටින බව ගොවීහු කියති .


  මේ වනවිට ප්‍රදේශයේ ගොවින් විශාල පිරිසකට කෝටි ගණනාවක ලුණු අස්වැන්න රැගෙන ගොස් ඇතිබව ජනතාව කියති .

මේ ජාවාරම් කරු ගැන සියලු තොරතුරු ගලේවෙල  පොලිසියට, දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට . ගොවිජන සේවා කාර්යාල වලට .ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට , ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති වරුන්ට මෙන්ම ඉස්ලාමීය පල්ලි වල සිටින ආගමික නායකයින්ට පවා දැනුම් දුන්නද මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ගලේවෙල හා දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු ලොකු ලූනු ගොවීහු පවසති.


මෙම ව්‍යාපාරිකයා  වසරක් පුරාවටම පොලීසියේ පැමිණිල්ලට හෝ ගෙන්වා විභාග නොකිරීම නිසා රාජ්‍ය නිලධාරීන් ඊට කිසිදු මැදිහත්වීමක් නොවීම නිසා ගොවීන් රාජ්‍ය ආයතන වල ඇති විශ්වාසයට පවා පළුදු වී ඇතැයි ඔවුහු පවසති.
ගලේවෙල ගොවිජන සේවා බල ප්‍රදේශයේ අලුත්වැව දේවහුව බුලනවැව තලකිරියාගම යටිගල්පොත්ත තෙන්නකෝන්පුර  පහලදීගල හෝම්බාව  මකුළු ගස්වැව ආදී ප්‍රදේශවල දේශීය ලොකුළූණු ගොවීන් රැසකගෙන් මෙම පුද්ගලයා පසුගිය වසරේ ලොකු ලූනු අස්වැන්න සම්පූර්ණයෙන්ම ලබා ගෙන ගොස් මෙතෙක් මුදල් ලබාදී නැති බව ඔවුහු පවසති.


ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි ලොකු ලූනු ගොවියකු වූ විමල් දිසානායක මහතා කියා සිටියේ තමන්ගේ ලොකු ළූණු කිලෝ තුන්දහසක ප්‍රමාණයක් කිලෝවක් රුපියල් 80 බැගින් මිලදී ගන්නා බව පවසමින් තම සියලුම නිෂ්පාදන මෙම වෙළෙන්දා විසින් රැගෙන ගොස් මේ වනතුරුත් මුදල් ලබා නොදුන් බව ය. 


තමන් මේ පිළිබඳව මීට වසරකට ඉහතදී ගලේවෙල පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළ ද මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් මෙම ජාවාරම්කරු අඩුම තරමේ පොලිසියට හෝ කැඳවා නැති බවය. 


ජාවාරම්කරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් තමන්ට සිවිල් අධිකරණයක නඩුවක් ගොනු කර ගන්නා ලෙස පොලිසියෙන් උපදෙස් ලබාදුන් බව ද හෙතෙම සඳහන් කෙළේය.  ලොකු ලුණු අත්පිට මුදලකට අලවි කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති නිසා ජාවාරම් කරුවන් රජ කරන බව කියයි .


එමෙන්ම ජාවාරමට හසුවූ ප්‍රීති චාන්දනී ඇටිපොල මහත්මිය කියා සිටියේ මේ වන විට අත කනකර බඩු උගස් කොට වගා කළ තම අස්වැන්න මෙම පුද්ගලයා වංචාකාරී ලෙස රැගෙන ගිය නිසා මෙවර ලොකු ලූණු වගාව සිදු කරගැනීමට නොහැකි බවත් අඩුම තරමේ බැංකුවලින් ණය මුදලක් ලබා ගැනීමටවත් නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවයි.


ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ පදිංචි එම්. ජී. සෝමරත්න මහතා කියා සිටියේ තමන් සහ බිරිඳ ඉතා මහන්සියෙන් වගා කළ ලොකු ලූනු අස්වැන්න කිලෝ 3000 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම මෙම පුද්ගලයා මුදල් ලබාදෙන බව පවසමින් රැගෙන ගිය බවය. 


පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද නැවතත් පොලිස් නිලධාරියකු වූ තම නිවසට පැමිණ එම පුද්ගලයා අල්ලාගත් දිනකට පැමිණිල්ල විභාග කරන බව පවසමින් සටහන් තබා ගෙන ගිය බවය.


ජේ. එම්. කරුණාවතී මහත්මියද මෙම ජාවාරම්කරුට හසුවූ තවත් ගෙවිලියකි . ඇය කියා සිටියේ ද තමන්ගේ පුතා සමග එක්ව ගොවිතැන් කළ ලොකු ලූනු අස්වැන්න සියල්ලම මෙම පුද්ගලයා විසින් පසුගිය වසරේ රැගෙන ගොස් මෙතෙක් මුදල් ලබා දී නැති බව ය.


  මේ ජාවාරම් කරුට ගොවින්   දුරකතන ඇමතුම ලබාගද්දී  විසන්ධි කිරීම සිදුකරනු ලබන බව ඔවුහු කියති.


පසුව අප ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන විමසීමක් කළෙමු. එහිදී ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වු  අස්ලාම් නැමැති අයෙකු අය කියා සිටියේ තමන් කුරුණෑගල ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින බවය. එහෙත් ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳව නිසි තොරතුරක් ලබා නොදී මාසෙකින් පමණ මුදල් දෙන බව පවසා ජංගම දුරකතනය විසන්ධි කළේය.


මේ පිළිබඳව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ජනක  විතානච්චි මහතා ගෙන් අප විමසීමක් කළෙමු.


 ඔහු  කියා සිටියේ මෙවැනි පැමිණිලි කිහිපයක් ම ගලේවෙල පොලිසියට ලැබී තිබෙන බවත් එම පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව යි. ඔහු සෙවීම සඳහා අවස්ථා ගණනාවක ම ප්‍රදේශයේ නිවසට ගිය බවද එහෙත් ඔහු ප්‍රදේශයේ  නිවසේ නොසිටි බව සදහන් කළේය.


මෙය පෞද්ගලික හිතවත්කම් මත සිදුකළ ගනුදෙනුවක් බැවින් ඔවුන්ට සිවිල් නඩුවක් ගොනු කර ගැනීමට හැකි බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

ලොකු ලූණු ගොවීන් රවටා මුදල් ගරන ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site