ඩබ්ලිව්. ඒ. අසේල
ගිනි අවියක් සහිතව කාරයක නැග තලාතුඔය ප්‍රදේශයේ සැරිසරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (8) අලුයම තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් තිදෙනාගෙන් එක් අයෙකු කෘෂිකර්ම උපදේශකයකු වන අතර මොවුන් මීගමුව භා වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් කුමක් සඳහා දුර බැහැර සිට පැමිණ ගිනි අවියක් සහිතව සැරි සැරු වේද යන්න පිළිබඳව තලාතුඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට පත් තිදෙනා අද (8) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd