IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළැයි විරෝධතාවක්

(දිලීප් ජයසේකර)     

                              
දේශපාලන හේතූන් මත සුරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට හදිසියේ මඩකලපුව ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලබා දිමට විරෝධය පළකරමින් ප්‍රදේශයේ ජනතාව හා මහ සඟරුවනේ මැදිහත්වීමෙන්  අද (08) පෙරවරුවේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.


විරෝධතාකරුවෝ පැවසුයේ  සුරියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතා සුරියවැව ප්‍රදේශයට ඉමහත් සේවාවක් සිදු කළ බවයි.


මිට මාස කිහිපයකට පෙර සුරියවැව සුරිවිරු ගම ප්‍රදේශයේදී දෙදරු පියෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අවස්ථාවේ එම අවමඟුල් උත්සවයට සහභාගී වු පොලිස් ස්ථානාධිපතිවරයා වන අලි ගැටළුවට බළධාරීන් මිට වඩා මැදිහත් විය යුතු බව පවසා තිබේ.


මේ හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුට මෙය දැඩි පහරක් විම හේතුවෙන් මෙලෙස ස්ථානාධිපති වරයා මාරු කර ඇති බව උද්ඝෝෂකයෝ කියති.


විරෝධතාවයට එක්ව සිටි සුරියවැව බෝධිරාජ විහාරයේ විහාරාධිපති  බටුවිට මහින්ද වංශ හිමියන් මෙසේ පැවසුහ.


මේ සුරියවැව ඉස්සර පුංචි උතුර කියන අන්වර්ථනාමය  හැදුන්වුයේ. ඒ තරමටම මේ ප්‍රදේශය භීෂණයෙන් පිරිලයි තිබුණේ.මේ පොලිසියට ආව කිසිදු ස්ථානාධිපති වරයෙකුට හරියට සිය සේවාව ඉටු කරගෙන ටන්න බැරි වුණා.නමුත් වත්මන් ස්ථානාධිපති තුමා මේ ප්‍රදේශයේ සිදු වු අපරාධ බොහොමයකට තිත තිබ්බා.


මිනිස්සුන්ට නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන් පරිසරයක් හැදුවා.ඉස්සර මේ සුරියවැව සවස හයෙන් හතෙන් පස්සේ ගෑණු කෙනෙකුට තියා පිරිමියෙකුට වත් යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.


නමුත් අද ඒ තත්වය වෙනස් වෙලා.ඕනිම කෙනෙකුට ස්ථානාධිපති වරයා හමුවෙන්න අවස්ථාව තිබුණා.පොලිසියට කවුරු ගියත් ඒ අයට රස්තියාදුවකින් තොරව කටයුතු කරගන්න පුළුන් පරිසරය එතුමා නිර්මාණය කළා.
 



අදහස් (0)

සුරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site