IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජගත් පරිසර දිනයට උතුරේ පැළ 6000 ක් සිටුවති

(රොමේෂ් මධුෂංඛ)    

                                                 
ලෝක පරිසර දිනය නිමිත්තෙන් උතුරු පළාතේ යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැල සිටුවීමේ වැඩසටහන් මාලාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (5) යාපනය පන්නෙයි බලකොටුව අසලින් ආරම්භ විය.


එහිදී කරඳ, මාර, රතුඅඹ, කොට්ටම්බ, කොහොඹ, තේක්ක, ජම්බු, මහෝගනී යන පැල වර්ග 6000ක් රෝපණය කරනු ලැබූ අතර ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසීය උපරිම දායකත්වයක් ලබාදුන් අතර උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ යාපනය මහ නගර සභාවේ සහයෝගයෙන් මෙම වැඩසටහන ඉතා සාර්ථකව ආරම්භ කෙරිණි.


යාපනය ප‍්‍රදේශය ආවරණය කරගනිමින් පාසල් 16කද මෙම පැල රෝපණය කරනු ලැබූ අතර යාපනය නගර සභා බල ප‍්‍රදේශය තුළද මෙම පැල රෝපණය කරන ලදී.


රුක් රෝපණ උත්සව අවස්ථාවට උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ,උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා, යාපනය මහනගරාධිපති එමානුවෙල් ආනෝල්ඩ් මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ජගත් පරිසර දිනයට උතුරේ පැළ 6000 ක් සිටුවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site