පෞද්ගලික බස් රියදුරුට හා කොන්දොස්තරට පහර දීම ගැන පරික්ෂණයක් මාතර සිට කොළඹට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ගොඩවු පිරිසක් එම බසයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත. 12 June 2018
ඇතෙකු පහර දී මවක් රෝහලේ ඇතකු පහරදීමෙන් වයස අවරුදු 38 එක්දරු මවක් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනජීවී නිළධාරීන් කියයි. 12 June 2018
ඇතෙකු පහර දී මවක් රෝහලේ ඇතකු පහරදීමෙන් වයස අවරුදු 38 එක්දරු මවක් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වනජීවී නිළධාරීන් කියයි. 12 June 2018
අනතුරු දෙකකින් තිදෙනෙකු මරුට දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේදී සහ කනාදන ප්‍රදේශයේදී අද (11) එකම වෙලාවේ සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකු හා යතුරුපැදිකරුවෙකු මියගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 11 June 2018
ගසක අත්තක් හිසට වැටී පුද්ගලයෙකු මරුට කපන ලද ගසක් බිමට පතිතවීමේදී එහි අත්තක් හිසට වැටීම නිසා තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෙකු එම ස්ථානයේදීම අද (11) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 11 June 2018
කොට්ටුකච්චිය ගල්කුලම කිරිවැවත් කැඩෙයි ආණමඩුව කොට්ටුකච්චිය ගල්කුලම කිරි වැව ඊයේ (10) සවස කැඩී යාමෙන් පසු මේ වන විට දැවැන්ත ජල කදක් ගලා යමින් ඇති බව ජනතාව පවසයි. 11 June 2018
ගොකරැල්ලේ බිරිඳක් සැමියාව අලවංගුවකින් ගසා මරා දමයි ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් තිබිරියාලන්ද වත්ත කදුලව ගම්මානයේ නිවසක ජිවත් වු බිරිඳ විසින් සිය සැමියාව අලවංගුවකින් පහරදී ඝාතනය කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි. 11 June 2018
නීතී විරෝධි ලෙස වැලි ගොඩ දැමු දෙන්නෙක් අත්අඩංගුවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධීව වැලි ගොඩදැමූ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒක්කය මගින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. 11 June 2018
බොරලන්දේ බඹර ප්‍රහාරයකින් 19 ක් රෝහලේ වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ජාතික පාසලේ සිසු සිසුවියන් පිරිසකට අද (11) දහවල් බඹරු ඇනීම නිසා සිසු සිසුවියන් 19 දෙනෙකු බොරලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි. 11 June 2018
ගැටළු වලට විසඳුම් ඉල්ලා කිරී ගොවීහු වර්ජනයකට සැරසෙති කිරි ගොවීන්ට බලපා ඇති ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ඉල්ලා දිවයින පුරා විසිරී සිටින කිරිගොවීන් ලබන 13වැනි දින කොළඹ පශු සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සදහන් කර සිටී. 11 June 2018
අධික සුළං සහ වැස්සෙන් මහනුවර 551ක් පීඩාවට මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින දෙකක කාලය සිට ඇති වූ අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (11) වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහක පවුල් 116 කට අයත් පුද්ගලයින් 551 11 June 2018
අමනාපය පිහි ඇනුමකින් කෙළවර වෙයි හෝමාගම රෝහල ආසන්නයේ උත්සව ශාලාවක පැවැති උත්සවයක් අතරතුර පෞද්ගලික අමනාපයකට සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලදැයි හෝමාගම පොලිසිය පවසයි. 11 June 2018
තිරුක්කෝවිල් හි ඝාතනය කළ පොලිස් නිලධරයෝ සමරති කොටි ත්‍රස්තවාදින් තිරුක්කෝවිල් රෑපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කරන ලද පොලිස් නිළධාරින් සැමරීමේ උත්සවය පොලිස්පති ජුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. 11 June 2018
තිසා වැවේ අනවසර ඉදිකිරිමෙන් පරිසර හානියක් අනුරාධපුර පුජා නගරයට පානීය ජලය සපයන තිසාවැවේ වැව් රක්ෂිතය පිරිසක් විසින් අත්පත් කර ගෙන සිදුකර ඇති අනවසර ඉදිකිරිම් හේතුවෙන් මහත් පරිසර හානියක් සිදුව ඇති බව අනුරාධපුර නැගෙනහිර ගම් පළාත් ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ජේ.ඒ.ජි.හේමචන්ද්‍ර ජයකොඩි මහතා සඳහන් කරයි. 11 June 2018
කැපුම් තුවාල සහිත මළ සිරුරක් හංවැල්ලෙන් හංවැල්ල වග මාඹුල ප්‍රදේශයේ නිවසක තනිවම ජීවත් වූ පුද්ගලයකු බරපතල කැපුම් තුවාල සහිතව ලේ විලක් මැද මිය ගොස් සිටියදී අද (11) දහවල් සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 11 June 2018
නිධන් වස්තු ගන්න ගිය 9 ක් අත්අඩංගුවට වවුනියාව , නෙදුන්කර්ණි , පච්චතෙයිපිරන්කුලම ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීම සඳහා ඉපැරණි චෛත්‍යක් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නවදෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 11 June 2018
පාරක් සාදා දෙන්නැයි විරෝධතාවක් යක්කලමුල්ල, මාගෙදර, විලවිල හන්දියේ සිට ඇල්ල ඉහළ උඩුවැල්ල දක්වා දිවෙන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් විශාල පිරිසක් විලවිල හන්දියේදී දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිති. 11 June 2018
පාදුක්කේ සතොස කලාප කළමනාකරු අත්අඩංගුවට පාදුක්ක මීපේ ප්‍රදේශයේ සතොස ශාඛාවක පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි සතොස කලාප කළමනාකාරවරයකු එහි මුදල් ලාච්චුවෙන් රුපියල් දහසක් සොරකම් කරන ලදැයි ලද පැමිණිල්ලක් මත එම කලාප කළමනාකාරවරයා සැකපිට අද (11) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 11 June 2018
උඩුබද්දාවේ සුළං හානි බලන්න ආපදා ඇමැති යයි උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩදෙනිය,බිබිලදෙනිය,මීගහපෑලෑස්ස,උතුරු දුනකදෙනිය,පොල්ගහගාර ආදි ගම්මාන කිහිපයක් හරහා අලුයම් කාලයේ දී වර්ෂාවත් සමඟ හමා ගිය දැඩි සුළගින් 11 June 2018
වී වගාවට අලුත් යන්ත්‍රයක් මහා පරිමාණයෙන් වී ගොවිතැන සිදුකෙරෙන මහියංගණ හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවි ජනතාවට ගොයම් පැළ සිටුවීම සදහා ‘බලවේග යන්ත්‍ර‘ හදුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට මහියංගන අන්තර් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇතැයි මාපාකඩ වැව කෘෂීකර්ම උපදේශක එච් ඒ කේ එච් පතිරත්න මහතා පැවැසීය . 11 June 2018
අරාව අනතුරකින් පිය-පුතු රෝහලේ බදුල්ල මහියංගන මාර්ගයේ අරාව පාර 16 කණුව ආසන්නයේ දී අද (11) යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක හැපීමෙන් බරපතල තුවාල ලැබු පාසල් සිසුවෙකු හා ඔහුගේ පියා මීගහකිවුල රෝහලට ඇළතුත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 11 June 2018
වක්වැල්ලේ කසිප්පු තිප්පොළට එරෙහිව විරෝධයක් කසිප්පු තිප්පලකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ගාල්ල වක්වැල්ලේ ගම්වාසීහු වක්වැල්ල හන්දියේ දී මාර්ගය හරස්කර උද්ඝෝෂණයක නිරතවූහ. 11 June 2018
බස් -ත්‍රිරෝද අනතුරින් තිදෙනෙක් රෝහලේ වැල්ලවාය තණමල්විල මාර්ගයේ ලංගම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් අද (10) දහවල් කුඩාඔය විද්‍යාලය ඉදිරිපිටදී එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමේ පසු මොණරාගල සිරිගල මූලික රෝහල වෙත මාරු කර යවා ඇතයි කුඩාඔය පොලීසිය පවසයි. 10 June 2018
නුවරඑළිය - හැටන් මාර්ගයට පස් කන්දක් වැටිලා නුවරඑළිය- හැටන් මාර්ගයට තලවකැලේ, ශාන්ත ජනපදය ප්‍රදේශයේදි අද (10) උදෑසන 9.00 ට පමණ පස් කන්දක් සමඟ ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මන්ත්‍රීරුවකට සීමා වී පැවැතිණි. 10 June 2018
ගම්පහ ගණිකා නිවාසයක් වටලයි ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලු ගම්පහ මුලස්ථාන පොලීසිය එහි සිටි බව කියන ටෙලි නිළියක ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ එහි කළමනාකරු ඇතුළු පිරමින් අට දෙනෙකු සැකපිට අත් අඩංගූවට ගෙන ඇත. 10 June 2018
ඌව පළාතටත් විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයක් ඌව පළාතේ ජනතාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් නව පළාත් කාර්යාලයක් හා විගමනික සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත. 10 June 2018
අධිබල රැහැනට ගසක් වැටී පුත්තලමට විදුලිය නෑ පුත්තලම හා ඒ අවට ප්‍රදේශය හරහා අද (10) අලුයම හමා ගිය සුළඟිකින් අධි බලැති විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටී මුළු පුත්තලම ප්‍රදේශයේම විදුලිය ඇණ හිට ඇති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි. 10 June 2018
කාන්තාව තනිවම හොරා අල්ලයි නිවසට ඇතුලු වි අල්මාරි හැර භාණ්ඩ සොරා ගනිමින් සිටි සොරෙක් ගෙහිමි කාන්තාව විසින් තනිවම අල්ලා ගනු ලැබ නිවසින් එළියට ඇදගෙන ගොස් පොලිසියට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 10 June 2018
වෙන්නප්පුවේ නීතී විරෝධි ගව ඝාතකාගාරයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට වෙන්නප්පුව වැව පාරේ නිවසක නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක තිබු මරන ලද හරකෙකුගේ මස් තොගයක් හා එහි සිටි දෙදෙනෙකු අද (10) උදෑසන සැකපිට අත් අඩංගුවට ගත්බව හලාවත පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන එකකය පවසයි. 10 June 2018
පොරොවකින් පහර දී පළා ගිය අය පොලිසියට බාරවෙයි තණමල්විල පොලිස් වසමට අයත් මහවැව ගල්කොටුකන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොරවකින් පහරදී මරාදමා පලාගොස් සිටි එම සැකකරු අද (09දා) තණමල්විල පොලීසියට බාරවී ඇතයි තණමල්විල පොලීසිය පවසයි. 09 June 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025