(චන්දන ප්‍රනාන්දු )
නිවසට ඇතුලු වි අල්මාරි හැර භාණ්ඩ සොරා ගනිමින් සිටි සොරෙක් ගෙහිමි කාන්තාව විසින් තනිවම අල්ලා ගනු ලැබ නිවසින් එළියට ඇදගෙන ගොස් පොලිසියට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ගොඩැල්ල රන්පියගම ප්‍රදේශයේ කාන්තාවක වෙළඳාමේ ගොස් නිවසට පැමිණෙන විට නිවසේ පිටුපස ජනේලයක් හැර තිබී ඇති බවත්, ඒ ගැන සැකයට නිවස තුළ බලද්දී නාඳුනන අයෙකු අල්මාරි අවුස්සමින් සිටිනවා දැක ඇති බවත්, ඇය එක්වරම පැන සැකකරුගේ කමිස කොළරයෙන් ඇදගෙන එළියට ගෙනැවිත් ඇති බවත් පොලිසිය කියයි.
සැකකරු එළියට ගෙන එනවාත් සමග පැනගොස් ඇතැයි ද, ඒ පිළිබඳව ඒ මොහොතේම පොලිසියට කරන ලද දැනුම දීමක් මත එහි ආ පොලිස් නිළධාරින් අසල ගෙයක සැඟව සිටියදි සැකකරු අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩිතර භාවයට ප්‍රණාමය. නමුත් ජීවිත හානි සිදුවිය හැකි බැවින් පරිස්සම් වෙන්න. මේ නරුමයෝ ලග ආයුධ තිබෙන්න පුලවන් ඔබට අනතුරක් කරන්න.