IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තිරුක්කෝවිල් හි ඝාතනය කළ පොලිස් නිලධරයෝ සමරති


 
වසන්ත චන්ද්‍රපාල
 
කොටි ත්‍රස්තවාදින් තිරුක්කෝවිල් රෑපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කරන ලද පොලිස් නිළධාරින් සැමරීමේ උත්සවය පොලිස්පති ජුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම ස්ථානයේ ඉදිකර තිබු ස්මාරකයට පොලිස් උත්තමාචාර දැක්වීමෙන් පසුව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් ස්මාරකයට මල්වඩමක් තැන්පත් කර උපහාර දක්වනු ලැබිණි.

පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පොලිස්  ස්මාරකයට මල් තැන්පත් කර ආචාර කරනු ලැබීය.
මෙම ස්ථානයේදී මියගිය පොලිස් නිළධාරින්ගේ මව්වරුන් නෑදයින් ස්මාරකයට මල් තැන්පත් කර තම දරුවන් සිහිපත් කරන ලද අවස්ථාව ඉතා වේදනාත්මක හැගුම්බර අවස්ථාවක් විය. 

තම දරැවන් සිහිකර මව්වරැන්ගේ ලතොනිය රෑපස්තුලම් වනය හරහා සිසාර ගියේය. එම හඬ එදා දිවිපිදු පොලිස් රණවිරුවන්ගේ හඩට දෙවෙනි නොවන්නට ඇත.

මියගිය රණවිරුවන් වෙනුවෙන් පොලිස් දෙපාර්මේන්තුව විසින් කරන ලද යුතුකම් ඉටුකරන බවත් ලබන වසරේදී මෙම ස්ථානයේ ස්ථිර රණවිරු ස්මාරකයක් සකස් කර මෙම භුමියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු කඳවුරක් කරන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

තිරුක්කෝවිල් හි ඝාතනය කළ පොලිස් නිලධරයෝ සමරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 471 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site