පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳුන් 10 කට නඩු
නරක් වු කරවල, අලෙවි කිරිමට සුදානම් කර තිබිම, නරක්වු පළතුරු යොදාගෙන පළතුරු බීම සකස් කිරිම හා පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් අලෙවි කිරිමට තැබීම යන චෝදනා යටතේ වෙළඳසල් හිමියන් දස දෙනෙකුට විරුද්ධව නඩු පැවරිමට කටයුතු කරන බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.