IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ‘පුර ගොවීන්ට දේශිය ලොකු ලුණු බීජ

(උපුල් තම්මිට)


දේශීය ලොකුලූනු වගාව ප්‍රචලිත කිරීම අරමුණින් ලොකුලූනු බීජ නොමිලේ ගොවීන් වෙත ප්‍රධානය කිරීම කාන්තා කටයුතු ඇමතීනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී සිදුවිය.


සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ඝෘජු මැදිහත්විම මත එම අමාත්‍යාංශය විසින් මෙම බීජ ලබා දී ඇති අතර බීජ කිලෝවක වෙළෙදපොළ වටිනාකම රුපියල් පහළොස්දහසක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවීන් සියයකට  එක් ගොවිමහතෙකුට කිලෝව බැගින් නොමිලේ බීජ ප්‍රධානය කෙරිණි.


අක්කර භාගයකට සරිලන ලෙස බීජ ප්‍රධානය සිදුකළ අතර මෙමගින් රුපියල් ලක්ෂ හයක ආදායමක් ලබාගත හැකිවන අතර උතුරුමැද පළාත් ගොවි සැළසුම් ඒකකය විසින් අස්වනු මිළදී ගැනීම මෙහි විශේෂත්වය වන අතරම ශ්‍රී ලංකා මහබැංකුව විසින් බිම් සැකසීම ඇතුලු කටයුතු සදහා ණය මුදල් ලබා දීමටද නියමිතය.


 උතුරුමැද පළාත් ගොවි සැළසුම් ඒකකයේ හා සමස්ථ ලංකා ගොවි සැළසුම් ඒකකයේ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අ‘පුර ගොවීන්ට දේශිය ලොකු ලුණු බීජ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site