(ජේ.කේ.එල්.චාමින්ද සහ පියරත්න ජයවික්‍රම)
ගෝනමස් කිලෝ 4ක් හා ග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත බොර 12 තුවක්කුවක් සමඟ සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ පිහිටි නෙළුව ගිගුරු ඇළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නෙළුව පොලිසිය කියයි.
මොහු බටහිර බටුවංගල නෙළුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී ගෝන මස් ළඟ තිබී හමු වී ඇත.
මොහු දඩයමේ ගොස් සිටියේ යැයි සැකකරන පුද්ගලයකු බවද පොලිසිය කියයි.
ගොනා දැඩි සංරක්ෂිත සත්වයකු වන අතර සැකකරු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd