දුම්මලසූරියේදී කොල්ලකරුවෙක් අත්අඩංගුවට
මිලදීගෙන ගෙන යමින් තිබූ බවට සැකකරන රුපියල් 12,500,000 ක් (එක්කෝටි විසිපන් ලක්ෂයක්) වටිනා මැණිකක් කොල්ල කෑමට පොලිස් වෙසින් පැමිණ කළ තැත වැරදීමෙන් පසු මැණික ගත් බව කියන පිරිස පැහැර ගෙන ගොස් පහරදී ඔවුන් සතු රුපියල් 172,000ක මුදල් හා ජංගම දුරකතන කොල්ල කා පලා ගිය කල්ලියේ එක් අයෙකු අද (23 දා) දුම්මලසූරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.