ජුඩ් සමන්ත
පුත්තලම - හලාවත මාර්ගයේ දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (22) මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු සහ රිය සහායකවරයා බව පොලීසිය කියයි.රෝහල් ගත කර සිටින රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කටුනායක - නයිකන්දේ සිට පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් කරා දුම්කොළ නැටි තොගය රැගෙන යමින් සිට ඇත.එම කන්ටේනරයේ දුම්කොල නැටි කිලෝ ග්‍රෑම් 10,600 ක ප්‍රමාණයක් අසුරා තිබී ඇත.
රේගු නිලධාරීන් බාරයේ මෙම දුම්කොල නැටි තොගය ප්‍රවාහනය කර ඇති බවත්,ඒවා පුත්තලමේ පිහිටි කාර්මාන්ත ශාලාවේ අධි උදුනකදී පුළුස්සා විනාශ කිරීමට නියමිතව තිබී ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත.
අධික වේගයෙන් පැමිණ ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුවී ඇත.කන්ටේනර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්කොල නැටි ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අනතුරුක