(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය අංගනයේ ගේට්ටුව අසලට යමින් සිටි පාසල් ගුරුවරියකගේ රුපියල් 1.50000ක් වටිනා ගෙල බැදි රන් මාලය කඩාගෙන දුම්රිය අංගනයේ නතරකොට තිබු දුම්රියක පෙට්ටියක් තුල සැඟව සිටි කොල්ලකරු දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු විසින් අල්ලාගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (22) උදෑසන මෙම පාසල් ගුරුවරියට පාසලට යාම සඳහා ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ තිබේ. ඇය දුම්රිය අංගනය අසල ඇති ගෙට්ටුව අසලට යමින් සිටියදී පිටුපසින් පැමිණි මෙකී පුද්ගලයා ගුරුවරියගේ මාලය කඩාගෙන ගොස් තිබේ. මෙහිදි පැමිණිලිකාරිය තමන්ගේ ගෙලබැඳි රන්මාලය කඩාගෙන ගියා යැයි කෑගසා තිබේ.
පසුව දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා මාර්යේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු කොල්ලකරුගේ පසුපස ගොස් ඔහු දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක පෙට්ටියක සැඟව සිටියදී අල්ලාගෙන ඇත.
මෙකි පුද්ගලයාගේ සාක්කුවේ තිබී කඩාගත් රන්මාලය සොයා ගත් බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්තුන් හැවිරිදිවියේ පසුවන අයෙකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර හිටපු කෝච්චියේ මාල හොරු වඩේ කාරයෝ අද රටේ ඇමතිකම් දරනවා , ඉස්සරහට මෙම හොරත් පාර්ලිමේන්තුවට ගියොත් මම නම් විමතියට පත් වෙන්නේ නැහැ