IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාල හොරා දුම්රිය මැදිරියේදී අල්ලා ගනී

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දුම්රිය  ස්ථානය අසල ඇති දුම්රිය අංගනයේ  ගේට්ටුව අසලට යමින් සිටි පාසල් ගුරුවරියකගේ  රුපියල් 1.50000ක් වටිනා ගෙල බැදි රන් මාලය කඩාගෙන   දුම්රිය අංගනයේ නතරකොට තිබු දුම්රියක පෙට්ටියක් තුල සැඟව සිටි කොල්ලකරු  දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා  මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු විසින් අල්ලාගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.


 ඊයේ (22) උදෑසන මෙම පාසල් ගුරුවරියට පාසලට යාම සඳහා ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ තිබේ. ඇය දුම්රිය අංගනය අසල ඇති ගෙට්ටුව අසලට යමින් සිටියදී පිටුපසින් පැමිණි මෙකී පුද්ගලයා ගුරුවරියගේ මාලය කඩාගෙන ගොස් තිබේ. මෙහිදි පැමිණිලිකාරිය  තමන්ගේ ගෙලබැඳි රන්මාලය කඩාගෙන ගියා යැයි කෑගසා තිබේ.


පසුව දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා  මාර්යේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු කොල්ලකරුගේ පසුපස ගොස් ඔහු දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක පෙට්ටියක සැඟව සිටියදී අල්ලාගෙන ඇත.

මෙකි පුද්ගලයාගේ සාක්කුවේ තිබී කඩාගත් රන්මාලය  සොයා ගත් බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.‍
අත්අඩංගුවට ගත් සැකකරු  තිස්තුන් හැවිරිදිවියේ පසුවන  අයෙකු බවද පොලිසිය කියයි.

 



අදහස් (1)

මාල හොරා දුම්රිය මැදිරියේදී අල්ලා ගනී

de silva Saturday, 23 June 2018 02:31 PM

ඉස්සර හිටපු කෝච්චියේ මාල හොරු වඩේ කාරයෝ අද රටේ ඇමතිකම් දරනවා , ඉස්සරහට මෙම හොරත් පාර්ලිමේන්තුවට ගියොත් මම නම් විමතියට පත් වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site