අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුර සොයා ගනී ගවයින් බලාගැනීම සඳහා හුංගම කච්චිගල්ආර ඇළට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (1) කච්චිගල්ආර ඇළෙහි තිබියදී සොයා ගත් බව හුංගම පොලිසිය කියයි. 01 July 2018
‘වල් අලි පලවා හැරීමට 3000 ක සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් ලබාදෙනවා’ වල් අලි පලවා හැරිමට ඉදිරියේ දී තුන් දහසකට ආසන්න සිවිල් ආරක්ෂක බළකා සාමාජීකයින් පිරිසක් ලබාදිමට ජනාධිපති එකඟ වු බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් පොන්සේකා මහතා පැවසීය. 01 July 2018
ගෙයත් කොල්ල කා කතත් දූෂණය කර පලා ගිහින් යාපනය වඩුක්කොඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් නිවසේ කාන්තාවක් ද දූෂණය කර පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වඩුක්කොඩෙයි පොලීසිය පවසයි. 01 July 2018
හබරාදූව තරුණයාගේ ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් බාරවේ හබරාදුව ගිනටිගල හන්දියේ දී තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු නිතිඥයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වු බව හබරාදුව පොලිසිය කියයි. 01 July 2018
වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න ගිය එස්ටීඑෆ් නිලධාරියාට අලි ප්‍රහාරයක් වැලි ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට ගිය මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට වන අලි පහරදීමකින් පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි. 01 July 2018
කැබ් රිය පෙරළී හමුදා නිලධාරීන් දෙදෙනෙකුට තුවාල තණමල්විල වැල්ලවාය මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී අද (30) හවස 6.30ට පමණ යුධ හමුදා නිලධාරීන් රැගත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් යුද හමුදා නිළධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙනරාගල සිරිගල රෝහල වෙත මාරුකර යවා ඇතයි කුඩාඔය පොලීසිය පවසයි. 30 June 2018
සිංහ සමාජයෙන් නුවරඑළියට දර්ශනීය ඔරලෝසු කණුවක් නුවරඑළිය නගරයට ඉතා අත්‍යවශ්‍යය අංගයක්ව තිබූ ප්‍රසිද්ධ ඔරලෝසු කණුවක් නුවරඑළිය සිංහ සමාජයේ (306 ක් 2) විසින් ලක්ෂ 25ක වියදමින් ඉදිකිරීම සඳහා අද (30) දින නුවරඑළිය නගරයේදී මුල්ගල් තැබීම සිදුකරන ලදී. 30 June 2018
සිංහපුර රක්ෂිතයේ හදිසි ගින්නක් හාලිඇල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයට අයත් බෝගහමඩිත්ත සිංහපුර රක්ෂිතයේ අද (30) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. 30 June 2018
කරුවලගස්වැව අලි පැටවා මියයයි කිසියම් ආබාධයකට ලක්ව කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ඉඩමක ප්‍රතිකාර ලබමින් සිටි අලි පැටවා 29 දින සවස මියගිය බව එම වනජීවී නිලධාරීහු පවසති. 30 June 2018
කිතුල්මුල්ලෙන් කාන්තා මළ සිරුරක් කාන්තාවක් මරා කලුපාට ඉටිරෙද්දක ඔතා හන්තාන කිතුල්මුල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ගලහ පොලිසිය පවසයි. 29 June 2018
ට්රැක්ටරය පෙරැළි තරුණයෙක් මරුට:8 ක් රෝහලේ පොසොන් පොහොයට වන්දනාවේ යමින් සිටි තරුණයින් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී පෙරැළි අනතුරට ලක් වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 29 June 2018
තන්තිරිමලේ පොසොන් බැති ගී ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි. 29 June 2018
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට මාර්ග අංක 293 හෝමාගම හංවැල්ල මාර්ගයේ ඇඹුල්ගම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්කී‍්‍රට් කණුවක ගැටිමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු නවගමුව දිසා රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 29 June 2018
බලපත් නොමැතිව පස් කැපු තිදෙනෙක් අත්අඩංගුවට පිටිගල , පොද්දිවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බලපත්‍රයක් නොමැතිව පස් කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු ලොරි රථ දෙකක් හා ස්කවේටර් යන්ත්‍රයක් සමඟ අද (29) අලුයම අත්අඩංගුවට ගත්බැව් පිටිගල පොලිසිය කියයි. 29 June 2018
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු සිරුරක් සොයාගනී සිරුරේ දරුණු කැපුම් තුවාල රැසක් සහිතව බොල්ගොඩ ගගේ රඹුක්කන ඇල මාර්ගයේ පාවෙමින් තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වු බව බණ්ඩාරගම පොලිසිය කියයි. 29 June 2018
වන අලි පහරදීමෙන් කොට්ටුකච්චියේ කාන්තාවක් මරුට ආණමඩුව කොට්ටුකච්චිය අක්කර විස්ස ප්‍රදේශයේ 68 හැවිරිදි මවක් නිවසේ මුළුතැන් ගෙය ආසන්නයේදී ඇතෙකුගේ පහර කෑමට ලක්වී මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 29 June 2018
මානාවේරීය වැවේ සඟවා තිබු රිවෝල්වරයක් සොයා ගනී පුත්තලම - මානාවේරිය වැවේ සඟවා තිබූ රිවෝල්වරයක් සොයා ගැනීමට හැකිවු බව පොලීසිය කියයි. 29 June 2018
මාතරදී යාචකයකුගෙන් රෝස් පාන් දන්සැලක් මිනිසුන් යාචකයින්ට ආධාර උපකාර කිරීම සාමාන්‍ය දෙයක් වුවත් යාචකයෙකු මිනිසුන්ට දන්සලක් දීමේ අහඹු සිද්ධියක් අද (28) මාතර නගරයෙන් වාර්තා විය. 28 June 2018
මනිපායි කාන්තාව මැරුවේ ඉඩම් ආරවුලකටදැයි සොයයි යාපනය, මනිපායි සංගරපිල්ලේ ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා (28) ඝාතනය කර ඇති බව මනිපායි පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 70 ක් වූ කන්දයියා නිලාදේවි නමැති කාන්තාවක එලෙස ඝාතනය කර ඇති බවටයි. 28 June 2018
ලෙඩ වෙලා රෝහල් ගත කළ එස්.අයිට පොලිසියෙනුත් ලෙඩක් අරණායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරිමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබේ. 28 June 2018
නිධන් හැරූ යුද හමුදා සෙබලු දෙන්නෙක් ඇතුළු හයක් අත්අඩංගුවට මාතලේ මිල්ලවාන ඓතිහාසික අම්බොක්ක පත්තිනි දේවාලය ආසන්නයේ නිධන් හැරිමට තැත්කළැයි කියන සිද්ධියකට සැකපිට හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුලු හයදෙනෙකු සැක පිට අත්අංඩගුවට ගත් බව මහවෙල පොලිසිය කියයි. 28 June 2018
නිදන්ගල රක්ෂිතයේ ගින්කින් අක්කර 10 ක් විනාශයි හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුවර රොසට්වත්ත නිදන්ගල කදු රක්ෂිතයේ අද (27) හවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. 27 June 2018
සැමියාගේ අවමඟුලට සෞදියේ සේවය කළ බිරිඳ දින දෙකකින් ගෙන්වයි සෞදි අරාබියේ සේවය කළ කාන්තාවක් මියගිය තම සැමියාගේ අවමඟුලට සහභාගී විම සඳහා දෙදිනක් ඇතුළත දී ලංකාවට ගෙන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකියාව ලැබී තිබේ. 27 June 2018
යාපනයේ පාසල් දැරියගේ ඝාතකයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක් යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු අවුරුදු 6 ක් වයසැති දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඬුවම් දෙන ලෙසට ඉල්ලා යාපනයේ පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (26) සහ අද (27) දිනයන් හි උද්ඝෝෂණයන් සංවිධානය කර තිබිණි. 27 June 2018
යාපනයේ ළිඳකින් හමුවු පාසල් දැරියගේ අවසන් කටයුතු සිදුවෙයි යාපනය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු ඊයේ (26) සවස යාපනය සුලිපුරම් තිරුවේඩිනිලෙයි සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය. 27 June 2018
බුරුත දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට මල්ලාවි ප්‍රදේශයේ සිට යාපනය දක්වා බුරුත දැව කඳන් තොගයක් ටිපර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු කිලිනොච්චිය පූනකරි සුංගපිට්ටි පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පූනකරී පොලීසිය කියයි. 27 June 2018
විහාරයක පොකුණට වැටී දරුවකු මරුට හබරාදුව කොක්වත්ත විහාරස්ථානයක තිබූ ජල පොකුණක වැටී එම විහාරස්ථානයේ නායක හිමියන්ගේ ඥාතී පුත්‍රයෙක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 27 June 2018
තැපැල් වර්ජනයෙන් ගුවන්තොටේ තැපැල් භාණ්ඩත් ගොඩ ගැහිලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් තැපැල් සදහා වෙන්කර ඇති ප්‍රදේශය තැපැල් මලු ,ගුවන් තැපැල් භාණ්ඩ ඇතුළු විදේශ තැපැල් භාණ්ඩ වලින්වි පිරි ඇති බව ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටි. 26 June 2018
ජලභීතිකා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් ජලභීතිකා රෝග මර්දන කටයුතු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරුව ද මර්දන කටයුතු සඳහා ප්‍රමාණවත් මූලික පහසුකම් ලබා 26 June 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025