රොමේෂ් මධුෂංඛ
වැලි ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට ගිය මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට වන අලි පහරදීමකින් පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි.
මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ 15 කිලෝමීටර් කණුව අසල පිහිටි කැලෑවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ වැටලීමකට ගොස් ඇත්තේ අනවසර වැලි ජාවාරම් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුවය.
පසුව කැලෑවේ පිහිටි ඇලක් ආසන්නයේ දී එක්වරම පැමිණි වන අලියකු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පසුපස පන්නා ඇති අතර එහිදී වන අලියාගේ පහරදීමකින් පොලිස් පරික්ෂකවරයා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ගත කෙරුණු මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.එස්.ඩී දිසානායක මහතාගේ තත්ත්වය බරපතල නොවන බවට කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු