රොමේෂ් මධුෂංඛ
වැලි ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට ගිය මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට වන අලි පහරදීමකින් පොලිස් පරික්ෂකවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි.
මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ 15 කිලෝමීටර් කණුව අසල පිහිටි කැලෑවට මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ වැටලීමකට ගොස් ඇත්තේ අනවසර වැලි ජාවාරම් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුවය.
පසුව කැලෑවේ පිහිටි ඇලක් ආසන්නයේ දී එක්වරම පැමිණි වන අලියකු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පසුපස පන්නා ඇති අතර එහිදී වන අලියාගේ පහරදීමකින් පොලිස් පරික්ෂකවරයා තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.
රෝහල් ගත කෙරුණු මාන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.එම්.එස්.ඩී දිසානායක මහතාගේ තත්ත්වය බරපතල නොවන බවට කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
447
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න ගිය එස්ටීඑෆ් නිලධාරියාට අලි ප්‍රහාරයක්
SHAN SAUDI Sunday, 01 July 2018 05:02 AM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු