(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මිල්ලවාන ඓතිහාසික අම්බොක්ක පත්තිනි දේවාලය ආසන්නයේ නිධන් හැරිමට තැත්කළැයි කියන සිද්ධියකට සැකපිට හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුලු හයදෙනෙකු සැක පිට අත්අංඩගුවට ගත් බව මහවෙල පොලිසිය කියයි.
නිධන් ගොඩදමන බවට පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීමේදි නිධන් හැරිමට යොදා ගත් බව කියන උපකරණ,මල් බුලත් තට්ටුවක් කහ නුල් ඇතුලු උපකරණ රැසක්ද අත්ඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් හමුදා සෙබළකු ආබාධිත අයෙකු බවත් ඔහු මාතර දික්වැල්ල ප්‍රදේශයේ පංදිචි අයෙකු වන අතර අනෙක් අය නෙළුව ප්‍රදේශයේ පදිංචි අය වන අතර අනෙක් පිරිස මාතලේ අකුරම්බොඩ සහ කිරිමැටියාව ප්‍රදේශයෙ පදිංචි අය බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd