රොමේෂ් මධුෂංඛ
යාපනය වඩුක්කොඩෙයි අරාලි ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් නිවසේ කාන්තාවක් ද දූෂණය කර පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.
අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසට අද (1) අලුයම පැමිණි කොල්ල කල්ලිය විසින් නිවසේ තිබූ රත්‍රන් හා මුදල් කොල්ල කා නිවසේ සිටි කාන්තාවක් ද දූෂණය කර පලා ගොස් ඇති බවට වඩුක්කොඩෙයි පොලීසිය කියයි.
දූෂණයට ලක් වූ කාන්තාව මේ වන විට යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ කොල්ල කල්ලිය සොයා වඩුක්කොඩෙයි පොලීසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd